යුක්රේනයේ රුසියානු හමුදා පසුබැස්මෙන් ඉන්දියාවත් බියපත් වෙයි !

යුක්රේනයේ දී රුසියානු හමුදාවන්ට ඉක්මන් ජයග්‍රහණ ලබා ගැනීමට නොහැකි වීමත්, රුසියානු යුද උපකරණ බලාපොරොත්තු ප්‍රතිඵල ලබා නොදීමත් නිසා ඉන්දියාව ද කලබලයට පත්ව ඇති බව ඉන්දීය දේශපාලන විචාරකයෝ කියති.

යුක්රේන යුද්ධයේ දී භාවිත කළ රුසියානු යුද අවිවලින් සාර්ථක ප්‍රතිඵල නොලැබූ බව නිරීක්ෂණය වීම එයට හේතු වී තිබේ.

රුසියානු හමුදා විසින් යුක්රේන ඉලක්ක වෙත එල්ල කළ ඇතැම් මිසයිල නියමිත ඉලක්ක වෙත ගමන් නොකළ බවත්, ඇතැම් බෝම්බ පුපුරා නොගිය බවත්, නිරීක්ෂණය වී තිබේ.

අති විශාල ගුවන් බලයක් භාවිතා කළ ද ගුවනේ ආධිපත්‍යය පිහිටුවීමට මේ දක්වා රුසියාවට හැකි වී නැතැයි කියති.

මෙම තත්ත්වය ගැන ඉන්දියාව කලබල වී ඇත්තේ ඉන්දියාවේ හමුදා සතුව ඇති ආයුධ බොහොමයක් රුසියානු නිෂ්පාදන වීම හේතුවෙනි. එම අවිවල ක්‍රියාකාරීත්වයේ විශ්වාසදායක බව සහ කාර්යක්ෂමතාවය පිළිබඳව ප්‍රශ්න මතුවීම ඉන්දියාවේ කලබලයට හේතු වී තිබේ.

රුසියාව යුක්රේනය ආක්‍රමණය සම්බන්ධයෙන් ඉන්දියාව මධ්‍යස්ත පිළිවෙතක් අනුගමනය කරමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *