මෙම අර්බුදය කොටි ත්‍රස්තවාදයට වඩා භයානකයි – ඇමති උදය ගම්මන්පිල

රටේ දැන් පවතින අර්බුදය කොටි ත්‍රස්තවාදයට වඩා භයානක බව ඇමති උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

ඉන්ධන අර්බුදය , විදුලි අර්බුදය, ගෑස් හිගය, සිමෙන්ති හිගය, කිරිපිටි හිගය, ආදී විවිධ අර්බුද ගැන කතා කළ ද, තියෙන්නේ එක ම අර්බුදයක් බවත්, එය නම් ඩොලර් අර්බුදය බවත්, ඒ හැර වෙනත් කිසිම අර්බුදයක් නැති බවත්, ගම්මන්පිල මහතා කී ය.

ඉන්ධන ගෙන්න ඩොලර් දෙනවා නම් කිසිදු ඉන්ධන හිගයක් නැති බව ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.

පෞද්ගලික රුපවාහිනී නාලිකාවක වැඩ සටහනකට සහභාගී වෙමින් ඇමතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *