ඇමති විමල් වීරවංශ ඉඩම් අක්කර 111 ක් සමග ඇඹිලිපිටිය කඩදාසි කම්හල විකුණයි !

ඇඹිලිපිටියේ ජාතික කඩදාසි කම්හලත් එයට අයිති අක්කර 111 යි රූඩ් දෙකක ඉඩමත් කොරියානු පෞද්ගලික සමාගමකට පවරා දීමට කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

මෙම කම්හල සහ ඉඩම පවරා දී ඇත්තේ කොරියා සපා පැකේජින් නම් සමාගමට ය.

එය තිස් අවුරුදු බදු ගිවිසුමක් බව රජය නිවේදනය කොට ඇත.

විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායම් මීට පෙර මෙබඳු පවරා දීම්වලට විරුද්ධ වුයේ ජාතික සම්පත් විකුණා දැමීම් ලෙස හඳුන්වමිනි.

මෙම කඩදාසි කම්හල 2012 දී වසා දමන ලද්දකි.

මෙය පෞද්ගලික සමාගමකට ලබාදෙන්නේ රජය සමග හවුලේ සංවර්ධනය කිරීමට බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *