නොකඩවා විදුලිය දෙන්නැයි ජනාධිපති යළි නියෝග කරයි

නොකඩවා විදුලිය ලබා දීමට කටයුතු කරන ලෙසත්, එයට අවශ්‍ය ඉන්ධන සහ මුදල් ලබාදෙන ලෙසත්, ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ඊයේ කැබිනට් රැස්වීමේ දී යලිත් වතාවක් නියෝග කොට ඇත.

මාර්තු 5 දා සිට කැපීමකින් තොරව විදුලිය දෙන ලෙස ජනාධිපති තුමා ඇමතිවරුන්ට පවසා තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමති මණ්ඩලයට ප්‍රකාශ කොට ඇත.

විදුලිය නොකඩවා ලබා දීමට පියවර ගන්නා  ලෙසත්, ඒ සඳහා ඉන්ධන ගැනීමට හිගයකින් තොරව ඩොලර් නිකුත් කරන ලෙසත්, පසුගිය සතියේ පැවතී විශේෂ කැබිනට් රැස්වීමේ දී ද ජනාධිපතිතුමා නියෝග කොට ඇතත්, ඒ අනුව කටයුතු සිදු වී නැත. ඒ වෙනුවට සිදු වුයේ විදුලි කැපීම දිනකට පැය පහක් දක්වා වැඩි වීමයි.

ඉන්ධන ගැනීමට අවශ්‍ය තරම් ඩොලර් නිකුත් කරන බව මහ බැංකුව ප්‍රකාශ කළ ද, ඒ අනුව කටයුතු සිදු නොවන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා කියයි.

ලංකා විදුලි බල මණ්ඩලය තෙල් සංස්ථාවට ගෙවීමට ඇති මුදල් භාණ්ඩාගාරයෙන් ගෙවන ලෙස ජනාධිපතිතුමා දෙවරක් ම නියෝග කළ ද එය ද මේ දක්වා ඉටු වී නැත.

මේ අතර විදුලි ඉංජිනේරු සංගමය කියන්නේ ඉදිරියේ දී දිනකට පැය දොළහක් පමණ විදුලිය කැපීමට සිදුවිය හැකි බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *