‘මහ බැංකුව දෙනවා කී ඩොලර් දෙන්නේ නැහැ’ – බලශක්ති ඇමති උදය ගම්මන්පිල


 

ඉන්ධන සඳහා මහ බැංකු අඛණ්ඩව ඩොලර් නිදහස් කරන බව පැවසුවද මහපොළව තුළ එය ඉටුනොවන බවත් ඩොලර් අඛන්ඩව ලබාදෙන්නේ නම් ඉන්ධන අර්බුදයක් නොමැතිව ඉන්ධන අඛණ්ඩව සැපයිම සහතික කළ හැකි බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (28) පැවසීය.  

තමන් ද ඇමතිවරයෙක් වන ආණ්ඩුව දැන් කළ යුත්තේ ප්‍රමුඛතා හදුනාගෙන ඇපල්, මිදි සහ දොඩම් කාලා කළුවරේ ඉන්නවාද, පිට රටින් වතුර ගෙනල්ලා බීලා වහනවලට තෙල් නැතුව ඉන්නවද එසේ නොවේ නම් කැප කිරීම් කර ඖෂධ සහ ඉන්ධන සඳහා සීමිත විදේශ විනියම පාවිච්චි කිරීම බවත් ඇපල් මිදි ඇති තෙල් ටික නැති සහ පිට රටින් ගේන මීපැණි ඇති ඒත් ඖෂධ නැති රටක් වෙනවා යන තීරණය ආණ්ඩුව ගතයුතු බවත් අමාත්‍යවරයා කීය.

ඉන්ධන අර්බුදය ශරීරියේ ලේ ගමනය නැති වූවා වැනි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තුළ ඉන්ධන අර්බුදයක් හෝ විදුලි අර්බුදයක් නොමැති මෙන්ම විදේශ විනිමය අර්බුදයක් පමණක් ඇති බවත් පසුගිය වසර පුරාම විදේශ විනිමය අර්බුදය ඇති වන බව කිව්වත් මේ වන විට ඒ භයන්කාර සිහිනය සැබෑ වී ඇති බවත් බලශක්ති අමාත්‍ය ගම්මන්පිල මහතා පැවසීය.

ශ්‍රී ලංකාව පසුගිය වසරේ ආයනයන සඳහා ඩොලර් බිලියන 21 ක් විදයම් කර තිබුණ ද ඉන්ධන ආනයනය සඳහා ඩොලර් බිලියන 2.8 ක් පමණක් වියදම් කර ඇති බව කී අමාත්‍ය ගම්මන්පිල මහතා නිසිලෙස සහ සකසුරුවමින් විදේශ විනිමය පාලනය කළ අනවශ්‍ය වියදම් කපා දැම්මොත් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහ විදුලි සැපයමුක් ලබාදීමේ හැකියාව ඇති බව ද සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *