විදේශගතවුවන්ගෙන් ලැබෙන මුදල් වසර 13 කට පසු අඩුම අගය වාර්තා කරයි

 

විදෙෂගතවුවන්ගෙන් මෙරටට ලැබෙන මුදල් ප්‍රමාණය වසර 13 ක දී අඩුම අගය වාර්තා කොට ඇති බව මහ බැංකු වාර්තා උපුටා දක්වමින් ඩේලි එෆ් ටී පුවත්පත වාර්තා කරයි.

2022 ජනවාරි මාසයේ එම ලැබීම් සටහන් වන්නේ ඩොලර් මිලියන 259 ක් වශයෙනි . 2021 ජනවාරියේ එම මුදල ඩොලර් මිලියන 675 ක් ලෙස වාර්තා වී ඇත . ඒ අනුව මෙය සියයට 62 ක පමණ අඩු වීමකි.

මීට පෙර අඩු ම අගය වාර්තා වී ඇත්තේ 2009 නොවැම්බරයේ දී ය. එය ඩොලර් මිලියන 261.6 කි.

2020 වසරට සාපේක්ෂව 2021 වසරේ මෙම ආදායම සියයට 23 කින් අඩු වී ඇත.

ඩොලරයේ මිල කෘතීම ලෙස පාලනය කිරීමේ මහ බැංකුවේ ප්‍රතිපත්තිය මෙයට හේතු වී තිබේ.

ඩොලරයේ අගය රුපියල් 203 ක් ලෙස නියම කළ පසු පසුගිය වසර පුරා මෙම ලැබීම් අඩු වී ඇති බව මහ බැංකු වාර්තා පෙන්නුම් කරයි.

ඩේලි එෆ් ටී වාර්තාවක් ඇසුරිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *