ආර්ථික ප්‍රතිසංස්කරණ වලට සුදානම් නොවී අයි එම් එෆ් යෑම විසඳුමක් නොවේ – අඩ්වකාටා මෙහෙයුම් අධ්‍යක්ෂ ධනනාත් ප්‍රනාන්දු

ආර්ථිකයේ කළ යුතු ප්‍රතිසංස්කරණ සඳහා සුදානම් නොවී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ඉල්ලීමෙන් පමණක් අපගේ ආර්ථික අර්බුදයට විසඳුම් නොලැබෙන බව අඩ්වෝකාටා ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ ධනනාත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ගන්න ලෙස සම දෙන ම කියන තත්ත්වයක් තුළ මුල්‍ය අරමුදලට යෑමෙන් සියලු ප්‍රශ්න විසඳෙන බව දැන් බොහෝ දෙනා සිත සිටියත්, එය එසේ නොවන බව ඒ මහතා කියයි.

අර්බුදයෙන් ගොඩ යාමට ආර්ථිකයේ කළ යුතු ප්‍රතිසංස්කරණ රාශියක් ඇති බවත්, මුල්‍ය අරමුදලට යාම ඵලදායී වන්නේ එම ප්‍රතිසංස්කරණ කිරීමට සුදානම් වුවහොත් පමණක් බවත් කී ඒ මහතා , ආණ්ඩුව එබඳු ප්‍රතිසංස්කරණ කිරීමේ සුදානමක සිටින බවක් පෙනෙන්නට නැති බව ද කී ය.

” අර්බුදයට මුහුණ දීමට අවම පොදු වැඩ පිළිවෙළක් ” මාතෘකාව යටතේ සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය සංවිධානය කොට තිබු වෙබිනාර් සාකච්ඡාවක අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *