ප්‍රමිතියක් නැති නිෂ්පාදන නිසා අපේ ආයුර්වේද වෙදකම ජර්මනියේ තහනම් කරලා -දීඝායු ආයුර්වේද නිෂ්පාදන ආයතනයේ කළමණාකාර අධ්‍යක්‍ෂ – සරත් ජයකොඩි

Facetune-20160610930037528බටහිර වෛද්‍ය විද්‍යාව  දියුණුවේ ඉහළම තලයට ඇවිත්තියෙනව. ඖෂධ අතින් මෙන්ම තාක්‍ෂණය අතින් ද ඉතාම ඉහළ තත්ත්වයක බටහිර  වෛද්‍ය විද්‍යාව  තියෙන නිසා එය අද දවස වන විට සීඝ‍්‍රයෙන් ලොව පුරා ප‍්‍රචලිත වෙලා තියෙනව. සිසුන් වැඩිපුර සංඛාවක් නැඹුරු වෙන්නේ බටහිර  වෛද්‍ය විද්‍යාව  ඉගෙන ගන්න. ‘වෙදමහත්තයෙක්’ වෙනවට වැඩිය ‘ඩොක්ටර්’ කෙනෙක් වෙන්න දැඩි උනන්දුවක් තියෙනව. ඒ අතරම සාකසාර නිෂ්පාදන වලටත් ඉල්ලූමක් ඇතිවෙනව.  හබර්ල් කියල මුලට තිබුණොත්, එම නිෂ්පාදනයට තියෙන ඉල්ලූම වැඩියි. එහෙම තත්ත්වයක් අලූතෙන් ඇතිවෙලා තියෙන්නෙ ඇයි?

බටහිර වෛද්‍ය  ක‍්‍රමය ඇතුළු තවත් බොහෝ පාරම්පරික වෛද ක‍්‍රම ලෝකෙ තියෙනව. ස්වභාව ධර්මයේ ආහාරමය ශාඛ කොටස් තියෙනව. ඒ ශාඛ කොටස් වලින් ඔෂධ නිවාරණයට සැහැදී ජීවත්වීමට අවශ්‍ය ක‍්‍රමය උගන්වනව.

බටහිර තියෙන්නෙ රසායනික සංයෝග මත නිෂ්පාදනය කරන බෙහෙත් ද්‍රව්‍ය. ඒවායින් අතුරු ආබාධ එනවා. ඒ නිසා තමයි ලෝකයේ මිනිස්සු බටහිර වෛi ක‍්‍රයෙන් මිදී ආයුරුවේද වෛද්‍ය ක‍්‍රම ගැන උනන්දු වෙන්නෙ. දියවැඩියාවට මෙට්ෆෝමින් අවුරුදු 10ක් 15ක් පාවිච්චි කිරීමේදී වකුගඩුවලට බලපානවා.  බටහිර ඖෂධ අඩංගු ඇසුරුම් වල මේ බව සඳහන් වෙනවා. රසායන ද්‍රව්‍ය වලින් බැහැර වෙලා මිනිස්සුන්ට සුවදායී ජීවිතයක් ගෙනියන්න උනන්දුවක් තියෙනව. ඒක නිසා තමයි හර්බල් නිෂ්පාදන ගැන උනන්දු වෙන්නෙ.

එහෙත් වෙළඳපොලේ දැන් සිද්ධ වෙන්නෙ ඒකද? මිනිසුන්ගේ ඒ අවශ්‍යතාවය තේරුම්ගෙන ව්‍යාපාරිකයන් විසින් ජනතාව මුලා කිරීම නේද සිදුවෙමින් තියෙන්නෙ?දේශීය වෙළඳපොල වශයෙන් ගත්තොත් ස්ථුල සිරුරක් ඇති කෙනෙක්ගෙ සිරුරක් පෙන්වා කෙටි කලක් යම්කිසි තේ වර්ගයක් පානයක් කළ පසු සිරුර කෙටටුවන  බවට ඒ තැනැත්තියගේම කෙසග සිරුරක් පෙන්වා පවසනවා. මේ එක් උදාහරණයක් පමණයි. මේ ආදී වශයෙන් රූපවාහිනිය ඇතුළු මාධ්‍ය මගින් විශාල රැුවටීමකට පාරිභෝගිකයා ලක්කරනවා නේද? අනිත් අතින් මේවැනි ප්‍රෝඩා දැන්වීම් පෙන්විය නොහැකි ලෙස පනතක්වත්, නීතියක්වත්, මාධ්‍ය සදාචාරයක්වත් අපේ රටේ නැහැ. රූපාලාවාන්‍යාගාරයක පුහුණුවකට දිනක් දෙකක් යන තරුණියක් රූපාලාවන්‍ය ශිල්පිනියක් ලෙස හඳුන්වාගනිමින් පන්ති පවත්වන්න පටන් ගන්නවා. සැලූන් එකක් දාගන්නවා. අද මේක හර්බල් කියන දේ දෑවැන්ත ව්‍යාපාරයක් බවට පත්වෙලා තියෙනව නේද?

ඒක ඇත්ත. කොතනක හරි මැණික් හම්බවෙනවා කිව්වොත් ඔක්කොම ගිහින් මැණික් ගරන්න පටන් ගන්නව. හර්බල් ව්‍යාපාරයත් දැන් ඉල්ලූමක් කියලා හිතාගෙන ඉන්නව. ව්‍යාපාරිකයන් හැම තිස්සෙම බලන්නෙ ආයෝජනයක් කරල වැඩි ලාභයක් ලබන්න. මේක ඉබේ පහල වූ තත්ත්වයක් වගේ ඔවුන් දකිනව. ඒක නිසා ඒ ඉල්ලූමට සැපයුම කරන්න ඔවුන් උත්සාහ ගන්නව.

නමුත් ඒක නිසි පරිදි කරන්නෙ නැති වුණොත් අනිසි ප‍්‍රතිඵල එනවා. ජර්මන් රජය ප‍්‍රකාශයට පත්කරල තියෙනව ලංකාවෙ ආයුරුවේද ඖෂධවල බැර ලෝහ තියෙනව කියල. අපේ ඖෂධ පාවිච්චිය තහනම් කරල තියෙන්නෙ. ඖෂධ පාවිච්චිය පමණක් නෙමේ ලංකාවට අයුරුවේද ප‍්‍රතිකාර ගැනීමට යාම පවා ඔවුන් තහනම් කරලයි තියෙන්නෙ. මෙයින් විශාල විදේශීය විනිමයක් අපට අහිමි වෙනව. ඒක මැණික් ගැන නොදැන හාරන්නන් වාලෙ ඉල්ලම් හාරන්න ගියාවගේ දෙයක්.

මේකෙ කොටස් දෙකක් තියෙනව. එකක් රෝග නිවාරණය. අනෙත් එක සුවදායි ජීවිතයකට  ඖෂධ කියන එක. උදාහරණයකට දියවැඩියාව තියෙන කෙනෙක් බෙහෙත් පාවිච්චි කරන්නෙ නැතුව ආහාර මගින් පාලනය වීම. ආයුරුවේදයේ තේමාව ුම්කසඑහ දෙ කසෙැ   ඒක තමයි ත්‍දදා ී්කෛහපැබඑ  කියන්නෙත්. අපි බත්කන කොට බත් එක මස්, මාළු, බිත්තර වගේ දේවල් කන්න කියනව. ඒ අපිට අවශ්‍ය ඛණිජ, ලවන, කාබෝහයිරේට් වගේ ශරීරයට අවශ්‍ය දේවල් ලබා ගන්න. සුද්දො අපිට උපදෙස් දෙන්නෙ ඒ රටවල් වලට හරියන හැටියට. අපි ඒක කටපාඩම් කරගෙන භාවිතා කරනව. සොභා දහමේ ගහකොළ සමග ජීවත්වීම තමයි අපිට හරියන්නෙ. එංගලන්තෙ සුද්දො අපිව යටත් කරගෙන, අපිටත්, යටත් විජිත 56ටමත් සෞඛ්‍ය හා ආහාර ප‍්‍රතිපත්ති හැදුවෙ සුද්දො. ඒක ඔවුන්ගේ රසායනික ඖෂධ සඳහා වෙලඳපොළක් ඇති කිරීමේ උවමනාවෙන් කරපු දෙයක්.

අද ආයුරුවේද ඖෂධ හදන්නෙත් වෙළෙඳපොළට. ආයුරුවේද ඖෂධ වර්ග කීපයක් අරගෙන කෙමිකල් එකක් දාලා, ලස්සන පැකට් එකක දාලා වෙළෙඳපොලට එවනව. ඒව නියාමනය කරන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්ණායකයන් :ඨමසාැ ඛසබැ* හදල තියෙනව. ඒ ගයිඞ් ලයින් වලින් එයාලා උත්සාහ කරන්නෙ අපි වගේ රටවල් වලට නීතියක් සෑදීමට උදව් කිරීමක් වශයෙන්. 1980 ගණන් වල ඉඳල වරින් වර නිකුත් කරපු නිර්ණායකයන් තියෙනව. ඔය යන දැන්වීම් ගොඩක් බොරු දැන්වීම්. සබන්වලයි, දත් බෙහෙත් වලයි හැම එකකම හර්බල් අඩංගු වෙන්න බැහැ.

මේ දැන්වීම් පළකරන ආයතන හෝ ස්වයං වාරණයකට ඇවිත් තමන්ගේ ග‍්‍රාහකයා රැුකගතයුතුයි නේද? ඔවුන්ව රැුවැට්ටීමට ඉඩ නොදිය යුතුයි නේද?

වෙනත් රටවල දැන්වීම් පල කිරීමේදී ඒවාට යම් යම් ප‍්‍රමිතීන් තියෙනව. පාරිභෝගිකයා මුලාවෙන දැන්වීම් පල කිරීමට ඔවුන් ඉඩ දෙන්නෙ නැහැ. ඖෂධයක් අලෙවි කරනවා නම්, එහි සඳහන්වන ගුණ පර්යේෂණ මගින් ඔප්පු කළ යුතුයි. නීතියක් නැති අපේ රටේ හිතුමනාපෙට දැන්වීම් පළ කරන්න පුලූවන්. කිසිම වාරණයක් නැහැ.
ජ්‍යෝතිෂය වැනි දේකට ප‍්‍රමිතියක් හදන්නත් බැහැ. අද ජ්‍යොතිෂයෙන් කොතරම් පිරිසක් මුලා කරනවද? මේ පිළිබඳව ජනතාව දැනුම්වත් වෙනවා නම් ඔවුන්ට මේ කූට ජවාරම කරන්න බැරි වෙනව.

ඇමරිකාවේ ආහාර සහ ඖෂධ  පිළිබඳ ප‍්‍රතිපත්තීන් හරියටම කළමණාකරනය කරනවා. ඇමරිකාව විතරක් නෙමයි ජර්මනිය, ඔස්ටේ‍්‍රලියාව වැනි දියුණු රටවල එහෙමයි. ඇසුරුම් කළයුතු ආකාරය. ගබඩා කලයුතු ආකාරය පවා සඳහන් වෙනව. ලංකාව වගේ රටක එහෙම දෙයක් එක පාර හදන්න අමාරුයි. එක මාධ්‍යයක් සාදාචාරත්මක වෙන්න ගියොත් ඒ මාධ්‍ය කැපිල යන්න පුළුවන්. එක්කෙනෙක් හරියට කෙරුවට අනෙක් අය එහෙම නැත්නම් හරියට කරපු පුද්ගලයා අමාරුවෙ වැටෙන්න පුළුවන්.  මේකට කළ යුත්තේ ආහාර හා ඖෂධ ප‍්‍රතිපත්තියක් ඇති කිරීම හා එය හරියාකාරව ක‍්‍රියාත්මක කිරීමයි.

පිළිකා සුවකරනව කියන කට්ටිය  ඕනතරම් ඉන්නව. මන්තර ගුරුකම් වලින් නොයෙක් දේ කරන කට්ටියත් හරියට ඉන්නව. මේ සේරම නියාමනය  කළ යුතුයි. ඒ සඳහා නියාමනඅධිකාරියක්  ඇති කළ යුතුයි.

ඔබ කියන්නෙ ආයුරුවේදයේ ප‍්‍රමිතිය පරීක්‍ෂා කිරීමේ ආයතනයක් මේ වෙනකොට නෑ කියලද?

ආයුරුවේද දෙපාර්තමේන්තුව ක‍්‍රියාත්මක වෙනව. ලංකාවේ මේ හැම දෙයක්ම ප‍්‍රමිතිය බැලීමේ හැකියාවක් නෑ. අපේ තාක්‍ෂණය එතරම් දියුණු නැහැ. ඇමරිකාවේ ප‍්‍රතිපත්තිය තාක්‍ෂණික පදනමයි. අපිට ඒ තත්ත්වයට  යාමට පහසු කම් නෑ. ඇමරිකාවේ යම් ඖෂධයක නැති ගුණයක් තියනව කියල ප‍්‍රචාරය කෙරුවොත් ඒ බව තහවුරුවෙනව. ඔවුන්ට කෝටි ගණනක් ගෙවන්න සිදුවෙනව. ලේබලයේ තියෙන දේ ඇතුලේ තියෙන්න  ඕනෙ. නැති දේ තියනව කියන්න බෑ.

ලංකාවෙ හරිදේ පටන් ගන්න තැනක් නෑ. හැම දෙයක්ම අවුල් ජාලයක් වෙලා තියෙන්නෙ. ලෝක සෞඛ්‍ය සංවිධානය :උ්‍යධ*  රටවල් වල සෞඛ්‍ය පිළිබඳව නීති රීති හදන්න උදව්වෙන ආයතනයක්. ඔවුන් ඊට නිර්ණායකයන්  සපයනව. අපි කියන්නෙ ලංකාවෙත් නීති රීති හදලා ඖෂධ තහනම් කරන්න කියල නෙමේ. හරියට කරන කට්ටියට සහතිකයක් දෙන්න. එතකොට වැරදි දේ කරන නිෂ්පාදකයන් ඉබේම කොන්වෙනව. එතකොට ඒ කර්මාන්තයට ආචාර ධර්ම පද්දතියක් හැදෙනව.

රටක දියුණුව පෙන්නුම් කිරීමට නම් එම රටේ ආර්ථික දියුණුව මෙන්ම ජනතාවගේ සිතුම් පැතුම් හා සාධර්මවල දියුණුවක්, ආධ්‍යාත්මික ගුණවගාවේ දියුණුවක් පිළබිඹු විය යුතුයි. අපේ රටේ ආර්ථික දියුණුව දේශපාලනයට බාර දුනහොත් අනිත් අතින් පෙනෙන්නේ ආධ්‍යාත්මික ගුණවගාවේ දියුණුවක් නෙමේ, බාහිර ස්වරූපයේ දියුණුවක් නේද? නගරයක් ගත්තොත් රූපාලාවන්‍යාගාර,  පච්චකොටන ස්ථාන, සම්බාහන ස්ථාන, කෙස්, නිය, තොල් අලංකාර කරන ස්ථාන  ඕන තරම් තියනව. ඒත් වැරදිලාවත් පුස්තකාලයක්, සාහිත්‍ය පත පොත අලෙවි කරන පොත් සාප්පුවක් දකින්නවත් නෑ. පොත් සාප්පුවල බොහෝවිට තියෙන්නෙ පාසැල් පොත්පත් හා ලිපි ද්‍රව්‍ය පමණයි.

ඒක ඇත්ත. ෆේස් බුක් තමයි තරුණ පරපුර අතර ජනප‍්‍රියම මේවලම. එයින් පෙනේනෙ ආධ්‍යාත්මය නෙමේ භාහිර ස්වරූපයයි (මුහුණයි*. රූපවාහිනී වැඩසටහන්වලින් වැඩි හරියක් තියෙන්නෙ රූපාලාවන්‍ය හා ඇඳුම් විලාසිතා ගැන. දැන් ඉන්න ටෙලිනාට්‍ය නළු නිළියො ඒවට එනව. ඔවුන් කතා කරන්නෙත් බාහිර ඔපය ගැන මිසක් ආධ්‍යාත්මික දියුණුව ගැන නෙමේ.

ගොඩක් දෙනෙක් හිතන්නෙ ලස්සන  කියන එක පිටින් පෙනෙන දේ කියල. ඒක වැරදියි. බියුටි ඊැ්මඑහ කියන දේ තියෙන්නෙ ඇ`ග ඇතුලෙ. ඒක තියෙන්නෙ . මූණ සුදු වෙනවා නම් බීජිං පවුඩර් වගේ ටොයිලට් සෝදන ද්‍රව්‍යත් මූණෙ ගානව. හමේ ස්වාභාවික වර්ණක ඇතිවෙන ක‍්‍රියාවලිය නවත්වනව. මේවයින් පසුකාලීනව පිළිකා ආදිය හැදෙනව. ඒක අපේ මිනිස්සුන්ට ප‍්‍රශ්නයක් නෑ. ඒක වෙන්නෙ එවැනි නිෂ්පාදනවලට ඇති ඉල්ලූමත් එක්ක. සුදු නැති කෙනෙක් පිළිගන්නෙ නැති තැනට දැන් ඇවිල්ල. ස්වභාවික හම විකෘත්ති කරගන්න දරණ උත්සාහය අනුවන ක‍්‍රියාවක්. ස්වභාවිකත්වය තමයි සුන්දර. ඊඨ ප‍්‍රතිවිරුද්ධ් නැඹුරුතාවය  හදල තියෙන්නෙ මාධ්‍ය මගින්.

මෙම ලිපි මාලාවේ තවත් කොටස් කිහිපයක් ඉදිරියේදී පළවේ.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *