පසුගිය රජය හොරෙන් ගත් ණය බිලියන 1281ක් බව මුල්‍ය අරමුදල කියයි

මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමති ධුරය දැරූ පසුගිය ආණ්ඩු සමයේ පාර්ලිමේන්තුවට හෝ රටට නොදන්වා හොර රහසේ ලබාගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 1281ක් බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කළ විගණන පරීක්ෂණයක් මගින් සොයාගෙන ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය . මුල්‍ය අරමුදල මෙම විගණනය සිදුකරන ලද්දේ ආණ්ඩුව කල ඉල්ලීමකට අනුවය . පසුගිය රජය හොරෙන් ගත ණය ගැන හෙළිවී ඇති බව රජය මීට පෙර ප්‍රකාශ කළේය . විගණනය සිදුකරන ලද්දේ එම මුදල් ප්‍රමාණය හරියටම සොයාගැනීම සදහාය . මෙම සොයා ගැනීමත් සමග රජයේ ණය ප්‍රමාණය සියයට 33 කින් ඉහල යන බව කියති .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *