ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කමල් ලියනාරච්චි අභාවප්‍රාප්ත වෙයි

 

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කමල් ලියනාරච්චි අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.

හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන්  ඔහු ඊයේ  (20) රාත්‍රී 8.30ට පමණ කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර රෝහලට ඇතුලත් කරනවිටත් ඔහු මියගොස් සිටි බව වාර්තාවේ.

මේ වන විට ඔහු 54 වියෙහි පසුවිය.

‘යුක්තිය’ පුවත්පත හරහා සිය මාධ්‍ය ජීවිතය ආරම්භකළ කමල් ලියනාරච්චි, ලක්බිම පුවත්පතේ ප්‍රධානියකු ලෙස සේවය කළේය. ඔහු ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස  කටයුතු කරමින් සිටියේ ය.

කමල් ලියනාරච්චි, මාධ්‍යවේදිනී කමණී හෙට්ටිආරච්චි ගේ සැමියා වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *