පාස්කු ප්‍රහාරයට බුද්ධි අංශ සම්බන්ධයක් ගැන රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශ්‍රේෂ්ටාධිකරණයට කරුණු කියයි

පාස්කු ඉරුදින ත්‍රස්තවාදී ප්‍රහාරයට රාජ්‍ය බුද්ධි අංශවල තිබු සම්බන්ධතා පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ශ්‍රේෂ්ටාධිකරණයට ඉදිරිපත් කළ මානව හිමිකම් පෙත්සමක් මගින් කරුණු හෙළිදරව් කොට තිබේ.

රාජ්‍ය බුද්ධි සේවය සහ යුද හමුදා බුද්ධි සේවා ත්‍රස්තවාදීන් සමග පැවැත් වූ සම්බන්දතා පිළිබඳව එමගින් හෙළිදරව් කොට ඇත.

තමන් අත් අඩංගුවට ගැනීම හෝ රඳවා ගැනීම වලක්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කොට තිබේ.

ත්‍රස්තවාදීන් සමග රාජ්‍ය බුද්ධි සේවය සහ හමුදා බුද්ධි අංශ සබඳතා පැවැත් වූ ආකාරය, පරීක්ෂන  නොමග යැවීමට ක්‍රියා කිරීම, පරීක්ෂනවලට බාධා කිරීම ඇතුළු චෝදනා රැසක් ශානි අබේසේකර මහතා ඉදිරිපත් කොට ඇති පෙත්සමේ අඩංගු ය.

සහරාන් සහ ඔහුගේ සංවිධානය සමග සබඳතා පැවැත් වූ බුද්ධි අංශ නිලධාරීන් සහ  ත්‍රස්තවාදීන් ගැන පරීක්ෂණ නොමග යැවීමට හා වැලැක්වීමට ඔවුන් විසින් ගන්නා ලද ඇතැම් පියවර පිළිබඳව නිශ්චිත තොරතුරු රාශියක් රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂවරයා ශේෂ්ටධිකරණයට ඉදිරිපත් කොට ඇති දිවුරුම් පෙත්සම් මගින් හෙළිදරව් කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *