කොවිඩ් මරණ 16,000 ආසන්නයේ ; අද මරණ 25 යි ; නව ආසාධිතයින් 1231 යි

තවත් කොවිඩ් ආසාදිත මරණ 25 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අද දිනයේ තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,000 කට ආසන්න වී තිබේ.

මේ වනවිට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 15,994 ක් වශයෙනි.

අද දිනයේ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 1231 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වාර්තා කොට තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වී ඇත්තේ 636,837 ක් වශයෙනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *