උදයංග වීරතුංගට ජුලි 15 වෙනිදා උසාවියේ පෙනීසිටින ලෙස නියෝග. උසාවි නොපැමිණියහොත් ඉන්ටර් පෝල් මගින් ජාත්‍යන්තර වරෙන්තු

2040203272weeratunga_2349648fශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මගින් මිලදී ගත් මිග් 27 ගුවන්යානා ¥ෂිත ගනුදෙනුවට හා ජාත්‍යන්තර අවි ජාවාරම් වලට සම්බන්ධ බව කියන, විදේශ තානාපතිවරයකු වශයෙන් සේවයේ නියුතුව සිටි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඥාතියෙකු වූ උදයංග වීරතුංගට ජුලි 15 වෙනිදා කොළඹ උසාවියේ පෙනී සිටින නියෝග කර ඇත. එම නියෝගය පිළිපදිනු නොලැබුවහොත් ජාත්‍යන්තර වරෙන්තු නිකුත්කර ඉන්ටර්පොල් මගින් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත්කරන බව උසාවිය මගින් ඊයේ (8* දැනුම් දී තිබේ.
2006 වසරේදී මිලදී ගනු ලැබූ මිග් 27 ගුවන්යානා මිලදී ගැනීමේ සිද්ධියේදී රුපියල් මිලියන 372ක වංචාවක් සිදුකර ඇති බවත්, මේ පිළිබඳව කෙරෙන විමර්ශන වලට පෙනී නොසිටිමින් ඔහු අධිකරණය මගහැර විදේශ ගතව සිටීම නිසාත් මෙම වරෙන්තු නිකුත්කර තිබේ.
උදයංග වීරතුංග උසාවිය මගහැර සිටියත් මහින්ද රාජපක්‍ෂ පවුලේ ඥාතීන් පිටරට ගිය විට ඔවුන් සමග සම්බන්ධකම් පවත්වන බවට විටින් විට පුවත් පල විය. ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය වීමට ප‍්‍රධාන හේතුව වශයෙන් සැලකෙන්නේ මෙම ¥ෂිත ගුවන්යානා ගණුදෙනුව බව කියැවේ. ගෝඨාභය රාජපක්‍ෂ විසින් මෙම ගනුදෙනුව පිළිබඳ සොයාබැලීම් නොකරන ලෙස එම වකවානුවේදී ගල්කිස්ස උසාවිය මගින් අරුම පුදුම නියෝගයක්ද ලබාගෙන තිබුනි.
මිග්යානා ගනුදෙනුවෙන් පසු සිදු කරනු ලදැයි කියනු ලබන ජාත්‍යන්තර අවි ගනුදෙනු සඳහා රුසියාවට ගොස්සිටින අවස්ථාවකදී සිය ඥාතී ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවූ අවස්ථාව.

මනෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *