පෙට්‍රල් රුපියල් 192යි ; ඩීසල් 169 යි : තෙල් මිල ඉතිහාසගත වැඩිවීමක ලකුණු !

පෙට්‍රල් ලීටරය රුපියල් 192 දක්වාත්, ඩීසල් ලෙඑඑඑතරය 169 දක්වාත් වැඩි කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉල්ලීම් කොට ඇති බවත්, ඒ අනුව මිල වැඩි කළහොත් එය ඉතිහාසයේ වැඩි ම තෙල් මිල වැඩිවීම වනු ඇති බවත්, බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල විශාල ලෙස වැඩි වී ඇති නිසා සංස්ථාව පැත්තෙන් එම ඉල්ලීම සාධාරණ බව ද ඇමතිවරයා කියයි.

ලෝක වෙළෙඳ පොළේ ද මේ වන විට ඉතිහාසගත ලෙස ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවත් පවතින තත්ත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයට කරුණු වාර්තා කර ඇතත් තවමත් අමාත්‍යාංශයෙන් පිළිතුරක් ලැබී නැති බවත් ඔහු පැවසීය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ දිගින් දිගටම අලාභ ලබන සංස්ථාව ආයතනයක් ලෙස ඉදිරියට පවත්වාගෙන යාමට නම් අනිවාර්යෙන්ම ඉන්ධන මිල විශාල වශයෙන් ඉහල දැමිය යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *