|

ජාතික සම්පත් හා ජාතික අපරාධ – දනනාත් ප්‍රනාන්දු

 

ශ්‍රී ලංකාවේ කාලෙන් කාලේට මතු වන විශාල ප‍්‍රශ්නයක් තමයි මොනව ද මේ ජාතික සම්පත්? ජාතික සම්පත් රැකගන්න අවශ්යනද? ජාතික සම්පත් විකිනුවොත් මොකද වෙන්නේ? යන කතා බහ. මේ මාතෘකාව දේශපාලනය තුළ ද කතා බහට ලක් වෙනවා.

ඕනම දෙයක් සම්පතක්ද නැද්ද කියල තීරනය කරන්න පුළුවන් ප‍්‍රධානම කාරනා දෙකක් තියෙනවා. එකක් තමයි ඒ ජාතික සම්පත් වලින් ධනයක් උත්පාදනය වෙන්න ඕන. ඒ වගේ ම තමයි එය කාලානුරූපි වෙන්න ඔින. උදාහරනයක් ලෙස අපි යම් සම්පතක් කාලයන් තිස්සේ කිසිවක් නොකර අතේ තියාගෙන හිටියොත් කාලය සමග ඒ සම්පතේ වටිනාකම අඩු වෙලා යනව නම් ඒක තව දුරටත් සම්පතක් වෙන්නේ නැහැ.

ඕනම දෙයක් සම්පතක්ද නැද්ද කියල තීරනය කරන්න පුළුවන් ප‍්‍රධානම කාරනා දෙකක් තියෙනවා. එකක් තමයි ඒ ජාතික සම්පත් වලින් ධනයක් උත්පාදනය වෙන්න ඕන. ඒ වගේ ම තමයි එය කාලානුරූපි වෙන්න ඔින. උදාහරනයක් ලෙස අපි යම් සම්පතක් කාලයන් තිස්සේ කිසිවක් නොකර අතේ තියාගෙන හිටියොත් කාලය සමග ඒ සම්පතේ වටිනාකම අඩු වෙලා යනව නම් ඒක තව දුරටත් සම්පතක් වෙන්නේ නැහැ.

ඒ වගේම තමයි උදාහරණයක් ලෙස අපි වාහනයක් ෆිනැන්ස් කරල අරගෙන ඒ වාහනයෙන් අපි කරන්නේ කාර්යාණලයට යන එක නම් ඒ වාහනේ අපිට සම්පතකට වඩා ඒක අපිට වගකීමක්. ඒ වාහනේට තෙල් ගහන්න ඔිනි. නඩත්තු කරන්න ඔිනි. ආරක්ෂා කරන්න ඔිනි. පාරේ  යද්දි අනතුරු වලින් වලක්වා ගන්න ඔිනි. ඒක විශාල වගකීමක් වෙනවා. එතකොට ඒ වාහනය නඩත්තු කරන්න වෙන තැනකින් හොයන සල්ලි වාහනයට යොදවන්න වෙනවා

හැබැයි ඒ වාහනේ ම අපි පාවිච්චි කලොත් ප‍්‍රවාහන සේවයක් වෙනුවෙන් අන්න එතකොට ඒ වාහනෙන් අපට අමතර ආදායමක් ලැබෙනවා. ඒ ලැබෙන මුදලින් අපට පුලුවන් ඒ වාහනේ සියලුම නඩත්තු කටයුතු කරන්න. ඒ වගේම ඒ ලැබෙන මුදලින් කොටසක් ඉතිරි කරගන්න. එතකොට එකම වාහනේ උනාට පාවිච්චි කරන අරමුණ අනුව එකක් සම්පතක් වෙනවා අනිත් එක වගකීමක් වෙනවා. මම හිතන්නේ ශ‍්‍රී ලංකාවේ තිබෙන ජාතික සම්පත් ගැන ද බැලිය යුත්තේ ඒ කෝෙණන්මයිග

.

දැන් ලංකාවේ බොහෝ දෙනෙක් හිතනව අපිට ලොකු ගුවන් සමාගමක් තිබෙනවා. අපට වරායවල් තිබෙනවා. අපට රාජ්‍ය ආයතන විශාල ප‍්‍රමාණයක් තිබෙනවා. මේ සියල්ල ජාතික සම්පත් කියලා. හැබැයි අපි කලින් උදාහරන දෙක අරන් බැලුවොත් මෙයින් ආදායමක් උපයනවද මෙය කාලානුරූපීද කියල මේ කාරනා දෙක අතර බලද්දි ලංකාවේ ජාතික සම්පත් කියල හිතාගෙන ඉන්න දේවල් මෙයින් බොහොමයක් ජාතික සමිපත් වලට වඩා ජාතික වගකීිම් සහ ජාතික අපරාධ බවට පත්වෙලා තියෙනවා.

උදාහරනයකට ගත්තොත් ලංකාෙව් රජය යටතේ ගුවන් සමාගමක් තිබෙනවා. එම ගුවන් සාමාගම සැම දවසකම රු මිලියන 99 යක් පාඩු ලබනවා. ආසන්න වශයෙන් රුපියල් ලක්ස  990ක්. හැම දවසකම ලංකාෙව් ඉන්න දුප්පත් මිනිස්සු දිනකට රු ලක්ෂ 990ක් එකතු කරල එම ගුවන් සමාගමට දෙන්න ඔිනි එම ගුවන් සමාගම පවත්වාගෙන යන්න. එතකොට මේ ගුවන් සමාගම තව දුරටත් ජාතික සම්පතක් වෙන්නේ නැහැ. මේක විශාල ජාතික අපරාධයක්. මේ පාඩු ලැබීම අවුරුද්දක් දෙකක් නෙවෙයි අවුරුදු දහයක් පහලොවක ඉදල සිදු වන දෙයක්.

ඊලගට අපට තිබෙනව තෙල් ගබඩා සංකීරනයක් සහ තෙල් බෙදා හැරීමේ මධ්‍යස්තාන. අපි කියනව සිපෙට්කෝ කියලා. ඒකත් වසර ගනනාවක ඉදල පාඩු ලබනව –  රුපියල් මිලියන ගනන් වලින්. ඒ වගේම අපට තිබෙනව විදුලිබල මණ්ඩලය කියල එකක්. ලංකාවට ඉන්න එකම විදුලි සැපයුම්කරු විදුලිබල මණ්ඩලයයි. ඒකාධිකාරියක් වෙලත් ඔවුන්ට හැකියාවක් නැහැ ජනතාවට කාර්යක්ෂම  සේවයක් ලබා දෙන්න. ඒ වගේම තමයි ලංකා ගමනා ගමන මණ්ඩලයත්. මේ වගේ ලංකාවේ පාඩු ලබන ආයතන ලයිස්තුවක් කියන්න පුලුවන්. බොහෝ ජාතික සම්පත් කියල තිබෙන ඒවා ජාතික සම්පත් නෙවෙයි. ඒවා ජාතික වගකීම් සහ ජාතික අපරාධ.

මෙතනදි ව්‍යාපාර මූලධර්මයක් තිබෙනව. කෙනෙකුට හිතෙන්න පුළුවන් දූශණය නිසා තමයි මෙහෙම වෙන්නේ, මෙතනට පිරිසිදු අවංක පුද්ගලයෙක් දැම්මොත් මේ තත්වය වෙනස් කර ගන්න පුලුවන් කියල හැගීමක් එන්න පුලුවන්. හැබැයි ව්‍යාපාරවල ප‍්‍රදාන මූලධර්මයක් තමයි කවුරු හරි තමන්ගේ මුදලක් තමන්ගේ කාලය තමන්ගේ කීර්ති නාමය මොනා හරි දේකට ආයෝජනය කලොත් තමයි එයාට ඒකෙන් ප‍්‍රථිලාබයක් උපයන්න පුලුවන් සහ එයට ස්වභාවික  මානසික ශක්තියක් සහ මානසික අවශ්‍යතාවයක් එන්නේ. එහෙම නැතිව අපි රුපියලක්වත් දාන්නේ නැතිව කිසි අවධානමක් ගන්නේ නැතිව අපිට උපයන්න උවමනාවක් එන්නේ නැහැ.

ව්‍යාපාරවල ප‍්‍රදාන මූලධර්මයක් තමයි කවුරු හරි තමන්ගේ මුදලක් තමන්ගේ කාලය තමන්ගේ කීර්ති නාමය මොනා හරි දේකට ආයෝජනය කලොත් තමයි එයාට ඒකෙන් ප‍්‍රථිලාබයක් උපයන්න පුලුවන් සහ එයට ස්වභාවික  මානසික ශක්තියක් සහ මානසික අවශ්‍යතාවයක් එන්නේ. එහෙම නැතිව අපි රුපියලක්වත් දාන්නේ නැතිව කිසි අවධානමක් ගන්නේ නැතිව අපිට උපයන්න උවමනාවක් එන්නේ නැහැ.

දැන් ඔය රාජ්‍ය ආයතනවල ඉන්න නිලධාරින් කිසි කෙනෙක් ගෙදරින් සල්ලි අරන් ඇවිත් නැහැනේ. ඒ ආයතන නඩත්තු කරන්නේ ජනතාවගේ බදු මුදලින්. ඒ නිසා එම ව්‍යාපාර දියුනු කරන්න ලාබ ලබන්න කිසි දවසක සිතුවිල්ලක් ඒ නිලධාරින්ට එන්නේ නැහැ. මොකද ඒ අය කිසි ආයෝජනයක් කරල නැති නිසා කොච්චර අවංක පුද්ගලයෝ ඔය තනතුරුවලට පත් වුනත් කිසි දවසක ලාභ ලබන්න බැහැ. පුද්ගලික අංශයේ කවුරු හරි මුදල් ආයෝජනය නොකරන තාක්කල් මේ ආයතන ගොඩ ගන්න බැහැ. ලංකාව විතරක් නෙවෙයි ලෝකේ ගොඩක් රටවල් මේ  තත්ත්වයට මුහුන දීල තිබෙනව

මෙක්සිකෝව ලොකේ ප‍්‍රධාන තෙල් කිනන රටක් උනත් තෙල් කැනීම් සම්බන්දව ඒ රටේ රාජය ආයතනයක් තිබෙනව. ඔවුන් විතරමයි තෙල් කැනීම් සිදු කරන්නේ. තෙල් කොපමන ලාබ ලබන ව්‍යාපාරයක් උනත් ඒ ආයතනය හැම වසරකම පාඩු ලබනවා.

වෙනිසියුලාවටත් ඒකම වුනා. ඔවුන් ලොකේ තෙල් කැනීම් කරන ප‍්‍රධාන රටවල් අතරින් 5 වන තැනට හිටි‌යේ. වෙනිසියුලාව දැන් 29 වන ස්ථානයට වගේ පහලට බැහැල තියෙනව. ඒකට හේතුව වෙනිසියුලා රජය තමයි හැමදේම කරන්නේ. රජය කරනවා කියන්නෙම දුෂණ වැඩ, හොරකං කරන නිසා පාඩු ලබනව හැරුනු කොට ලාබ ලබන්න බැහැ. මේවා ජාතික සම්පත් කීවට මේවා  එකක්වත් ජාතික සම්පත් නෙවෙයි. ජනතාවගේ ධනය සූරගෙන කන ජනතාවගේ බදු මුදල් විනාශ කරන ජාතික අපරාධ. මූලික වශයෙන් ලංකාව ද ජාතික සම්පත් කියල නඩත්තු කරමින් ඉදල තියෙන්නේ ජාතික අපරාධ හා ජාතික වගකීම්.

ලංකාවේ පුද්ගලීකරනය කරල තියෙන්නේ ආයතන කිහිපයක් පමණයි. ඔය කියන විදිහට ලංකාෙව් මෙච්චර ජාතික සම්පත් තිබුනා නම් ලංකාව විශාල දියුනුවක් ඇති වෙන්න තිබුනා – මේ අවුරුදු පනහ හැට අතෙර්. නමුත් කිසිදු වෙනසක් වෙලා නැහැ. ඒකෙන්ම තෙරෙනවා රාජ්‍ය ආයතන වලට ධනය උත්පාදනය කරන්න හැකියාවක් නැහැ කියලා. අනික් පැත්තෙන් පුද්ගලික ආයතන සමග එකතුවෙලා වැඩ කරන රාජ්‍ය ආයතන උදා ටෙලිකොම් වගේ ආයතන විශාල ප‍්‍රගතියක් පෙන්නුම් කරනවා දුරකතන ආයතනවලට. විශාල තරග කාරිත්වයක් තිබියදීත් රාජ්‍ය ආයතන ලාබ ලබන ආයතන බවට පත් කරන්නත් පුළුවන්.

රජය මේ  ආයතන බදාගෙන ඉදල වැඩක් නැහැ. පුද්ගලික අංශය සහයෝගයට ගන්න ඔිනි. පුද්ගලික අංශයේ කෙනෙක් අවධානය අරන් ඉදිරියට අරන් යන්න ඔිනි. එහෙම නැතිව මේ ආයතන ගොඩ ගන්න බැහැ. අපි ජාතික සමිපත් කියල ලෙබලේ ගහගෙන හිටියට මේ  පිටුපස තියෙන්නේ මහා ජාතික වගකීම් සහ ජාතික අපරාධ.

දනනාත් ප්‍රනාන්දු

ප්‍රධාන මෙහෙයුම් නිලධාරී – ඇඩ්වොකාටා ආයතනය

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *