අද කොවිඩ් වාර්තා ; මරණ 25 යි , නව ආසාදිතයින් 1217 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ වාර්තා අනුව දිනය තුළ තහවුරු කළ මරණ සංඛ්‍යාව 25 ක් වන අතර හඳුනාගත්  නව ආසාදිතයින් සංඛ්‍යාව 1,217 ක් වෙයි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 15,899 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වී තිබෙන්නේ 631,816 ක් වශයෙනි.

මේ අතර ඇතැම් සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කරමින් සිටින සොඛ්‍ය සේවා අංශ සියලු මෘත ශරීර පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමේ අවශ්‍යතාවය අද ලිහිල් කළේය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *