ජනතාව හූ කියයි කියා මහින්දානන්දට සල්ගාදු රැළියට එන්න එපා කියලා !

 

අනුරාධපුරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැලිය සඳහා සහභාගී නොවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත දැනුම් දී තිබූ බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියි.

ඊට හේතු වී ඇත්තේ පොහොර ප‍්‍රශ්ණය මත කෘෂිකර්ම අමාත්‍යවරයා ගොවි ජනතාවගේ දැඩි විරෝධයට මේ දිනවල ලක්ව සිටීමයි.

ජනාධිපතිවරයාද සිටින වේදිකාවක කෘෂිකර්ම අමාත්‍යවරයාට යම් විරෝධයක් පෑමට ජනතාව කටයුතු කළ හොත් එය එතරම් සුදුසු නොවන නිසා මෙම පියවර ගෙන තිබූ බවද සඳහන් වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කතිකයෙක් වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම තීරණය අනුව මෙවර සල්ගාදු පිටිය රැස්වීම සඳහා සහභාගී වූයේ නැත.

LANKACNEWS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *