විදුලි ඉංජිනේරුවන් විරෝධය පෑ නිලධාරීන් උපදේශකයින් ලෙස යලි සේවයට – අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරයි

අධිකරණ නියෝගයක් මත පුරප්පාඩුව පැවති ලංවිම සාමාන්‍යධිකාරී තනතුරේ වැඩ බැලීමට පත්කොට ඉංජිනේරු සංගමයේ විරෝධය නිසා ඉල්ලා අස් වූ ආචාර්ය සුසන්ත පෙරේරා මහතා සහ හිටපු සාමාන්‍යාධිකාරී එම් ආර් රණතුංග මහතා මණ්ඩලයේ උපදේශකයින් ලෙස යලි සේවයට බඳවා ගැනීමට ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කොට තිබේ.

ආචාර්ය සුසන්ත පෙරේරා මහතා සේවයට ගැනීමට මණ්ඩලයේ සභාපති එම් සී ෆර්දිනන්ඩෝ මහතා ඉල්ලීමක් කර තිබු අතර එම් ආර් රණතුංග මහතා සේවයට ගැනීමට ඉල්ලීම කොට ඇත්තේ විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ මහතා විසිනි.

ඔවුන්ට සේවයේ සිටිය දී අවසානයට ලැබුණු වැටුප සහ සියලු වරප්‍රසාද ලබා දීමට තීරණය කොට තිබේ. නැවත අලුත් කළ හැකි වසරක කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන ඇති මේ දෙදෙනා කෙලින් ම මණ්ඩලයේ සභාපති යටතේ සේවයේ යොදවා ඇත.

රජයේ ප්‍රතිපත්ති අනුව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබාදීමේ කාර්යය සඳහා මේ දෙදෙනා බඳවාගත් බව කියති.

කෙසේ වෙතත්, තතුදත් අංශ කියන්නේ මෙය මණ්ඩලය තුළ ඉංජිනේරු සංගමය සහ පාලනාධිකාරය අතර ගැටුමේ තවත් වර්ධනයක් බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *