ඩොලරය රකින්න ගිහින් විදේශයෙන් එන මුදල් සියයට 22 කින් අඩුවෙලා

ඩොලරයට නියම වටිනාකම නොදී පාලනය කිරීමට යාමේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්තිය නිසා මෙරටට විදේශ ශ්‍රමිකයින් එවන මුදල සියයට 22.7 අඩු වී ඇති බව වාර්තා වෙයි.

පසුගිය වසරේ එම ලැබීම්වල අඩුවීම සටහන් වී ඇත්තේ ඩොලර් බිලියන 1,6 ක් වශයෙනි

මේ අතර ශ්‍රිලංකාවේ ගෙවුම් ශේෂ හිගය ද ඩොලර් බිලියන 8.5 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

පසුගිය වසරේ රටේ අපනයන ආදායම ඩොලර් බිලියන 12 ක් වූ අතර ආනයන වියදම ඩොලර් බිලියන 21.8 දක්වා ඉහළ ගොස් තිබේ.

විදේශ ප්‍රේෂණ අඩුවීම ගෙවුම් ශේෂයේ හිගය පිලිබඳ තත්ත්වය තවත් බරපතල කොට තිබේ.

මෙලෙස විදේශ ප්‍රේෂණ අඩුවීමේ හේතුව ලෙස සැලකෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරය සඳහා රුපියල් 203 ක කෘතීම මිලක් පවත්වාගෙන යාමට කටයුතු කිරීම යි.

වෙරිටේ රිසර්ච් ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂ දෙශාල් ද මැල් මහතා ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රේෂණ අඩු වෙද්දී කලාපයේ අනෙක් සියලු රටවල විදේශ ප්‍රේෂණ ලැබීම් වැඩි වී ඇති බව යි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *