යහපාලන ආණ්ඩුවට එරෙහිව නිලධාරී කුමන්ත්‍රණයක් – ඇමතිවරුන්ටත් ලෙඩ දමති

යහපාලන ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වැඩ කටයුතු වලට අකුල් හෙලීමේ නිලධාරී කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි . පසුගිය රජය සමග කිට්ටුවෙන් වැඩකළ නිලධාරී පිරිසක් මෙම කුමන්ත්‍රණය මෙහෙයවන බව කියති . ඇමතිවරුන්ගේ අත්‍යවශ්‍ය කටයුතු සදහා මුදල් නිකුත් නොකිරීම හා ප්‍රමාද කිරීම මගින් මෙය ක්‍රියාත්මක බව අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි . වියදම් වල වගකීම පැවරෙන්නේ ඇමතිවරුන්ට නොව නිලධාරීන්ට බව කියමින් ඔවුහු මෙම පිළිවෙත ක්‍රියාත්මක කරති . පහුගිය ආණ්ඩු සමයේ නොයෙක් දුෂණ ක්‍රියාවන්ට සම්බන්ධ වීම නිසා චෝදනාවලට ලක්ව සිටින නිලධාරීන්ට එරෙහිව  නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට යාම වැලැක්වීම මෙම ක්‍රියාමාර්ගයේ යටි අරමුණ බව කියති . ඇතැම් නිලධාරීහු  ඒ බව ප්‍රසිද්ධියේ කීමට පාවා ඉදිරිපත් වී සිටිති .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *