අද කොවිඩ් අඩුවක් ; මරණ 23 යි, නව ආසාදිතයින් 1162 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ වාර්තා අනුව කොවිඩ් මරණ සහ ආසාදිත සංඛ්‍යාවල අඩුවක් පෙන්නුම් කොට ඇත. අද දිනතහවුරු කොට ඇති මරණ සංඛ්‍යාව 23 ක් වන අතර හඳුනාගත් නව ආසාදිතයින් ලෙස වාර්තා කොට ඇති සංඛ්‍යාව 1162 ක් වෙයි.

මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වනවිට වාර්තා වන්නේ 15,777 ක් වශයෙනි.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 626,966 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *