|

රෝහිත මහින්දට ‘ජැක්’ ගහන්න ගියේ සැලසුමක් ඇතිව දැයි සැකයක්

අනුරාධපුර සල්ගාදු පිටියේ පැවති  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලියේ වේදිකාවට ගොඩ වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට උදව් කරන්නට මෙන් උත්සාහයක් රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයා දරන්නේ කිසියම් සැලසුමකට අනුව දැයි සැකයක් අගමැතිතුමාගේ සමීපතමයන් අතරේ පැතිර ඇති බව වාර්තා වෙයි.

රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයා අගමැතිතුමාට උදව් කරන්නට මෙන් අතින් අල්ලනු සහ අගමැතිතුමා එම අත ගසා දමනු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ පළ වී ඇත. අගමැතිතුමාට කිසිදු සහයක් අවශ්‍ය නැති එම අවස්ථාවේ රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයා අගමැතිතුමා වත්තන් කරන්නට මෙන් උත්සහයක් දරන්නේ ඔහුට කලින් ලැබී තිබුණු කිසියම් උපදෙසක් අනුව විය හැකි බවත්, අගමැතිතුමා බලවත් ලෙස දුර්වල වී ඇති බව පෙන්වීම එහි අරමුණ විය හැකි බවටත්, සැක මතු වී තිබේ.

අගමැතිතුමා පිට කොන්දේ සැත්කමකට භාජනය වී සති කිහිපයක් ගෙවෙන්නට පෙර අනුරාධපුර රැස්වීම සංවිධානය කිරීම මෙම සැකය වැඩි වීමට තවත් හේතුවක් වී තිබේ.

අගමැතිතුමා තනතුරින් ඉවත් විය යුතුය යන මතය ගොඩ නැගීම මෙම සැලසුමේ අරමුණ ලෙස විශ්වාස කෙරෙයි.

කෙසේ වෙතත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා රෝහිත ඇමතිවරයාගේ අත ගසා දමා ඔහු ඉවත් කිරීමට කටයුතු කළේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *