පුරවැසි රැස්වීම ගැන ජනාධිපති කලබලයට පත්වේ !

පුරවැසි බලය හා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඒකාබද්ධව“යහපාලනය මේක ද?” යන තේමාව යටතේ දිවයින් පුරා රැස්වීම් මාලාවක් පැවැත්වීමට පසුගිය සිකුරාදා ගත් තීන්දුව සැළවීමත් සමග ම කලබලයට පත් වූ ජනාධිපතිවරයා අදාළ සංවිධාන දෙකේ නියෝජිතයින් කිහිප දෙනෙකුට තමාව හමුවන ලෙස දන්වා ඇති බව යුක්තියට වාර්තා වේ.
ඒ අනුව ඊයේ රාත්‍රියේ දී උක්ත සංවිධාන දෙකේ නියෝජිත පිරිසක් හා ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව යුක්තියට දැනගන්නට ඇත. මේ නියෝජිත පිරිසට ගාමිණි වියන්ගොඩ, සරත් විජේසූරිය, කේ. ඩබ්ලියු. ජනරන්න හා ජෝශප් ස්ටැලින් යන මහත්වරු අයත් වූ බව දැනගන්නට ඇති අතර වත්මන් පාලනයේ ඇතැම් වැරදි ක්‍රියාවන් ලිඛිතව ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ බව ද වාර්තා වේ. දැනගන්නට ලැබී ඇති ආකාරයට පුරවැසි සංවිධාන නියෝජිතයින් දැක් වූ අදහස් වලට ජනාධිපතිවරායා ගෙන් යහපත් ප්‍රතිචාරක් ලැබී ඇති බව දැනගන්නට තිබේ.
ජූනි 15වෙනි දා කොළඹින් ආරම්භ කිරීමට නියමිතව තිබු රෑස්වීම් මාලාව පවත්වන්නේ ද යනුවෙන් යුක්තිය යොමුකළ ප්‍රශ්නයට පිළිතුරු දුන් පුරවැසි බලයේ සම කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ මහතා පැවසුවේ රැස්වීම් මාලාව සැළසුම් කළ පරිදි කොළඹින් ආරම්භ කරන නමුත් දිනයේ වෙනසක් සිදු වී ඇති බව ය. දිනය වෙනස් කළේ ජනාධිපතිවරයා සමග පැවැත් වූ රැස්වීමේ ප්‍රතිපලයක් නිසා දැයි අප කළ විමසුමට පිළිතුරු දුන් වියන්ගොඩ මහතා කියා සිටියේ සංවිධාන කටයුතු සඳහා කාල වේලාව මද හෙයින් ජනාධිපති හමුවිමට පෙරම දිනය වෙනස් කරගෙන තිබූ බවයි. ඒ අනුව ජූනි මස 21වෙනි දින කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී නියමිත පරිදි රැස්වීම පවත්වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *