මහ බැංකුව තවත් රත්රන් ටොන් එක හමාරක් ජනවාරියේ විකුණලා

මහ බැංකුව තමන් සතු රන් සංචිතවලින් තවත් ටොන් එක හමාරක ( ටොන් 1.5 ක් ) ජනවාරි මාසයේ විකුණා ඇති බව වාර්තා වෙයි.

දෙසැම්බර් මස අවසානයේ තිබු ටොන් 3.1 ක සංචිත ප්‍රමාණය ජනවාරි අවසානයේ සටහන් වී ඇත්තේ ටොන් 1.6 ක් වශයෙනි.

ඒ අනුව දෙසැම්බර් අවසානයේ ඩොලර් මිලියන 175 ක් ව තිබු රන් සංචිත වටිනාකම ජනවාරි මස අග දී සටහන් වී ඇත්තේ ඩොලර් මිලියන 92 ක් වශයෙනි.

2021 දෙසැම්බර් මාසයේ ද මහ බැංකුව ඩොලර් මිලියන 206.8 ක් වටිනා රන් සංචිත විකුණා තිබිණි.

හදිසි අවශ්‍යතා සඳහා මුදල් ලබා ගැනීමට රන් සංචිත විකුණු බව ඒ අවශ්තවේ මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *