සිහින මාලිගවලින් බිමට බහින්නැයි එජාපය ආණ්ඩුවෙන් ඉල්ලයි

සිහින මාලිගාවල නොසිට මහ පොළොවට බසින ලෙසත්, සුපිරි වෙළෙඳසල්වලට ගොස් රාක්කවල ඇති කාබනික ආහාරවල  අධික මිල ගණන් පරීක්ෂා කර බලන ලෙසත්, බහුතර ජනතාවට එම මිල ගණන් දැරිය නොහැකි බව අවබෝධ කර ගන්නා ලෙසත් එජාප සභාපති හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා රජයේ ඇමැතිවරුන්ගෙන් ඊයේ ඉල්ලා සිටියේය.

“මෙයින් අදහස් කරන්නේ බහුතර ජනතාවට කාබනික කෘෂිකර්මාන්තයෙන් පමණක් යැපීමට නොහැකි බවයි.  ඊනියා කාබනික ආහාර ව්‍යාපාරයේ දී ආණ්ඩුවේ අදූරදර්ශී බව ද එයින් පෙන්නුම් කරනවා ”  යයි  ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ සෙනසුරාදා පැවති වෘත්තීයවේදීන්ගේ රැස්වීමක් අමතමින් වජිර බේවර්ධන මහතා පැවසීය.

ඇතිවී තිබෙන අර්බුදයෙන්  ඉදිරියේ දී මේ ජාතිය ගොඩගත හැක්කේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂයට පමණක් බව දැන් ජනතාවට අවබෝධ වී ඇති බවද අබේවර්ධන මහතා පැවසීය.

“තේ කර්මාන්තය මරණාසන්න තත්ත්වයට . සෑම ආර්ථික  බෝගයක ම පාහේ තත්ත්වය ඒ සමානයි . මේ රටේ කෘෂිකර්මාන්තයට  මේ වගේ විනාශයක් වනවා අප කවදාවත් දැකලා නැහැ. රජයේ අත්හදා බැලීමෙන් පසු වෙළඳපොළට එන බැවින් දැන් සාප්පු වල කාබනික ආහාර රාක්ක වැඩි වැඩියෙන් . බහුතර ජනතාවට ඒවා මිලදී ගත නොහැකි තරමට ඒවායේ මිල අධිකයි . නුදුරේ දී ම බහුතර ජනතාව උග්‍ර ආහාර හිඟයකට මුහුණ දෙන බව අවබෝධ කර ගැනීම සඳහා බහුතර පාරිභෝගිකයන් එම රාක්ක පසුකර යන්නේ කෙසේදැයි බැලීමට ඇමතිවරුන් සුපිරි වෙළඳසැල් වෙත යා යුතුයි  ”ඔහු පැවසීය.

“අවසාන ප්‍රතිඵලය පැහැදිලියි. රට සාගතයකට ගෙන යනවා. කර්මාන්ත වැහෙනවා. නිදසුනක් වශයෙන්, සිමෙන්ති හිඟය හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටී ඇති අතර, පෙදරේරුවන්, විදුලි කාර්මිකයන්, වඩු කාර්මිකයන් සහ ගොඩනැගිලි වැඩබිම්වල සේවය කරන දෛනික වැටුප් ලබන්නන් වැනි ආධාරක සේවකයින් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත ඉදිකිරීම් කම්කරුවන් රැකියා විරහිත වී සිටිනවා . ටයිල්  හිඟයක් ද පවතිනවා.”

“මෙය බලය රැක ගැනීමට එකිනෙකාට චෝදනා කරගනිමින් විසඳිය හැකි අර්බුදයක් නොවේ. මේක වෙනස් කරන්න අපි එකතු වෙන්න ඕන. මේ අර්බුදයෙන් රට ගොඩගන්න පුළුවන් එජාප නායකයාට පමණයි. අපි එය හැකිතාක් ශක්තිමත් කළ යුතුයි” අබේවර්ධන මහතා වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *