කොවිඩ් නොතකා පාර්ලිමේන්තුව දිගට ම රැස්වන තීරණයක්

මැති ඇමතිවරුන් ගණනාවකට සහ කතානායක තුමාට කොවිඩ් වැළඳී ඇතත්, මේ සතියේ ඉදිරි දින හතර ම, කලින් යොදාගත් පරිදි පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට අද පැවති පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කොට තිබේ.

මෙම තීරණය ගත් රැස්වීමට කථානායකතුමා, අගමැතිතුමා සහ විපක්ෂනායකතුමා යන තිදෙනා ම සහභාගී වී නොසිටි බව ද වාර්තා වෙයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට කොවිඩ් වැළඳීම නිසා මේ වනවිටත් නිරෝධායනය වෙමින් සිටියි.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සැලකිය යුතු පිරිසකට ද කොවිඩ් වැළඳී ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *