වරායේ හිරවුණු කන්ටේනර් සංඛ්‍යාව දෙදහස ඉක්මවයි

 

ඩොලර් නොමැති නිසා මුදාගත නොහැකිව මේ වනවිට වරායේ සිර වී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් සංඛ්‍යාව දෙදහස ඉක්මවා ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මෙයින් විශාල ප්‍රමාණයක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් බව ද කියති.

වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා කියන්නේ මෙරටට ගෙන් වූ සහල් කන්ටේනර් 500 කට වැඩි ප්‍රමාණයක් තවමත් වරායේ  සිර වී ඇති බවයි. දේශීය වෙළෙඳපොළේ සහල් හිග වීමෙන් සහල් මිල ඉහළ යාම වැළක්වීමට ගෙන් වු සහල් තොග මෙලෙස වරායේ සිර වී තිබිය දී සහල් කිලෝවක මිල රුපියල් 170 ඉක්මවා ඉහළ ගොස් තිබේ.

මාස් කන්නයේ අස්වනු කැපීමට පෙර වෙළෙඳපොළේ විකුණා අවසන් කිරීමට බලාපොරොත්තු වූ මෙම සහල් අස්වනු කැපීම ආරම්භ වූ පසුව වෙළෙඳපොළට නිකුත්වීම ද ප්‍රශ්නයක් වන බව කියති.

අත්‍යවශ්‍ය භාණ්ඩ මුදා ගැනීමට ඩොලර් අවශ්‍ය තරම් නිකුත් කරන බව මහ බැංකු අධිපතිවරයා කීව ද වරායේ ගොඩගැසෙන කන්ටේනර් ප්‍රමාණය දිනෙන් දින වැඩි වෙමින් පවතියි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *