මැති ඇමතිවරුන්ට කොවිඩ් ; පාර්ලිමේන්තු කාලය කෙටිවන ලකුණු

 

මැති ඇමතිවරුන් ගණනාවකට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ විශාල පිරිසකට කොවිඩ් ආසාදනය වී තිබීම නිසා මෙම සතියේ පාර්ලිමේන්තුව රැස්වන දින ගණන අඩු කිරීමට හෝ කාලය අඩු කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වෙයි.

ඒ පිලිබඳ තීරණය හෙට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේ දී ගැනීමට නියමිත ය.

පාර්ලිමේන්තුව මේ සතියේ දින හතරක් රැස්වීමට නියමිතව තිබිණි.

රටේ කොවිඩ් ව්‍යාප්තියක් පෙන්නුම් කළ ද රට වසා නොතැබීමට රජය තීරණය කොට තිබේ.

ඒ අතර මැති ඇමතිවරු ගණනාවක් කොවිඩ් වැළඳීම නිසා මේ වන විට නිරෝධායනය වෙමින් සිටිති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *