තිළිණ ගමගේට ඇපදුන් ආකාරය ගැන නීතිඥයන් ගේ විරෝධය !

නිතී විරෝධිව අලි පැටියෙකු ලග තබාගෙන සිටියේ යැයි චෝදනා ලැබ, රහස් පොලිසිය මහහැර සිටි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේට ගංගොඩවිල උසාවියේ දී අසාමාන්‍ය ආකාරයට ඇප ලබාදීමට එරෙහිව ශ්‍රි ලංකා නීතිඥ සංගමය අද දින දහවල් 12ට අළුත් කඬේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට නියමිත බව යුක්තියට දැනගන්නට ඇත.
ගංගොඩවිල මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න චුදිත තිළින ගමගේට ඇප ලබාදීමට රාත්‍රි 7.00 වනතුරු අධිකරණය විවෘත තබාගත් බව පවසන එක් නිතිඥවරයෙකු පැවසුවේ මෙය යාලුකමට ඇප ලබාදීමක් බව ය. මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සම්බන්යෙන් ලිහිල් ප්‍රතිත්තියක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමට තම විරෝධය එල්ලකරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *