|

අරුන්දික ප්‍රනාන්දු ඉවත්වීමේ පුරප්පාඩුවට අරුන්දික ප්‍රනාන්දු පත්වෙයි ?

 

පොල්, තල්, කිතුල්, රබර් වගා සහ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමති ධුරයෙන් තම ඉවත් වන බව ප්‍රකාශ කළ අරුන්දික ප්‍රනාන්දු මහතා ම යළි එම ඇමති තනතුරට පත් කිරීමට එකඟත්වයක් ඇති බව අපගේ ආරංචිමාර්ග කියයි.

ඇමතිවරයාගේ පුත්‍රයා පොලිසියට භාරවීම, පොල් සංවර්ධන මණ්ඩලයේ වාහනය රැගෙන ගිය රියදුරුගේ වැඩ තහනම් කිරීම සහ වෙනත් පියවර ගැනීම සිදුවන්නේ එම එකඟතාව අනුව බව කියති.

එමෙන් ම ඇමතිවරයා තනතුරින් ඉවත්වන බව ප්‍රකාශ කළ ද මෙතෙක් නිල වශයෙන් ඉල්ලා  අස් වී නැති බව ද දැනගන්නට ඇත.

රාගම වෛද්‍ය විද්‍යාලයේ සිසු පිරිසකට පහර දීමට අමාත්‍යංශයේ වාහනවලින් පිරිසක් සමග ගොස් ඇමති පුත්‍රයා ඇති කළ කලබලයක් හේතුවෙන් ඇමතිවරයාට තනතුරින් ඉවත් වන ලෙස ජනාධිපතිතුමා දැනුම් දී තිබිණි.

කෙසේ වෙතත්, බැසිල් රාජපක්ෂ ඇමතිවරයාගේ සහ අගමැතිතුමාගේ සහය අරුන්දික ප්‍රනාන්දු මහතාට හිමි වී ඇති බව ද වාර්තා වී තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *