පාකිස්ථානය අයි එම් එෆ් ගොස් ණය ගනිද්දී ශ්‍රී ලංකාව ඉන් ටිකක් ඉල්ලා ගනී !

තමන් මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආධාර ඉල්ලා ණය ලබාගැනීමට පාකිස්ථානය කටයුතු කොට ඇති අතර ඉන් කොටසක් ඉල්ලා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටින බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාව කළ ඉල්ලීමකට අනුව ඩොලර් මිලියන 200 ක ණය මුදලක් ලබා දීමට පකිස්ථානය එකඟ වී තිබේ. පකිස්ථානයෙන් සහල්, අත්‍යවශ්‍ය ආහාර සහ ඉන්ධන ලබා ගැනීම සඳහා මෙම මුදල් ලබා දීමට එරට එකඟත්වය පළ කොට ඇත.

පාකිස්ථානය මෙම මුදල ශ්‍රී ලංකාවට දෙන්නට යන්නේ එරටට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබෙන ණය මුදලකිනි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පාකිස්තානයේ ආර්ථිකය ගොඩ ගැනීමට ආධාර කිරීමට එකඟ වී ඇති අතර එම ආධාර වල කොටසක් ලෙස ඩොලර් බිලියන 1.5 ක් මුදලක් ඉක්මනින් ලැබීමට නියමිත බව වාර්තා වෙයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එම ණය ලැබුණු පසු ඉන් ඩොලර් මිලියන 200 ක් ශ්‍රී ලංකාවට ණයට දීමට පාකිස්ථානය කටයුතු කරමින් සිටියි.

පාකිස්ථානය ද චීන ණය ලබාගෙන විශාල ව්‍යාපෘති ක්‍රියාත්මක කොට අමාරුවේ වැටී සිටින රටකි.

එරට ආර්ථිකය ගොඩ ගන්නට දැන් ඉදිරිපත් වී සිටින්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *