අද කොවිඩ් මරණ 29 ක් නව ආසාදිතයින් 1243 ක් වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ වාර්තා අනුව දිනය තුළ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 29 ක් වන අතර අලුතින් හඳුනාගත් බවට වාර්තා කොට ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1243 ක් වෙයි.

ඒ අනුව මෙරටින් මෙතෙක් තහවුරු කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 15,544 ක් වශයෙන් සටහන් වෙයි.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 615,903 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *