ජනාධිපතිවරයාට ශිරාල් සෙට් කළ ටියුෂන් පංතිය හෙට

මීට පෙර යුක්තියේ පල වූ ප්‍රවෘත්තිය සනාථ කරමින් ජූනි මස 08වෙනි දින සවස 4.00ට ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ දී ශ්‍රී ලංකා ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය යන මැයෙන් ආචාර්ය දයාන් ජයතිලක එම දේශනය පැවැත්වෙන බව වාර්තාවේ. මෙහි ප්‍රධාන අමුත්තා ලෙස ජනාධිපතිවරයා සහභාගිවීමට නියමිත අතර මෙය සම්බන්ධිකරණ කටයුතු කර ඇත්තේ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා බව වැඩි දුරටත් දැනගන්නට ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ විදේශ ප්‍රතිපත්තිය දෝෂ දර්ශනයට ලක්කිරීම අරමුණු කරගත් මේ දේශනය මගින් විදේශ අමාත්‍ය මංගල සමරවීර සමරවීර මහතාට ද පහරදීමට සැළසුම් කළ එකක් බව ද දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *