නිදහස් දිනයේත් රන්ජන්ට නිදහස නැහැ ?

හැත්තෑ හතර වන ජාතික නිදහස් සැමරුම පවත්වන අද දිනයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට නිදහස හිමිවනු ඇතැයි වාර්තා පළ වී තිබුණ ද අද දින නිදහස් කළ සිරකරු ලයිස්තුවේ ඒ මහතාගේ නම නොතිබිණි.

රාමනායක මහතා වෙන ම නිදහස් කරනු ඇතැයි ආරංචි පැතිර තිබුණ ද එය ද සිදු වී නැත.

අද උදේ 11 ට රාමනායක මහතා නිදහස් වන බවත්, ඒ මහතා පිළිගැනීමට එන ලෙසත්, සමාජ මාධ්‍යයේ ඉල්ලීම් පවා පළ වී තිබිණි.

කෙසේ වෙතත්, සියලු ඉල්ලීම් නොතකා හැර ඇති ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා රන්ජන් රාමනායක මහතාට නිදහස නොදෙන්නට අධිටන් කරගෙන සිටින බව පෙනෙන්නට තිබේ.

රන්ජන් රාමනායක මහතා දේශපාලඥයන්ගේ දුෂණ වංචා පිළිබඳව ප්‍රබල ලෙස හඬ නැගූ මන්ත්‍රී වරයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *