ඩොලර් හිගයෙන් ආහාර බහාලුම් 1500 වරායේ හිරවෙයි

ඩොලර් හිගය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් 1,500 ක් පමණ තවමත් වරායේ සිරවී ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙලදුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ලංකාදීපය පුවත්පතට ප්‍රකාශ කොට ඇත.

පවතින ඩොලර් හිඟය හේතුවෙන්  දිනකට ඉන් මුදාගැනීමට හැකි වන්නේ බහලුම් 50ක පමණ ප්‍රමාණයක් බවද සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කොට ඇත.

හාල්, පරිප්පු, සීනි ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙම බහාලුම් තුළ අඩංගුව ඇත.

දිනකට වරායෙන් මුදා හරින බහලුම් සංඛ්‍යාව වැඩි කිරීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලබාගැනීමට ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ඇතුලු බලධාරීන් සමග සාකච්ඡාවක් ඉල්ලා ඇති බවත් ඒ මහතා පවසා තිබේ,

ඩොලර් කඩිනමින් ලබාදී මෙම බහාලුම් මැදා ගැනීමට නොහැකි වුවහොත් උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයක් ඇති විය හැකි බවත් සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් කීවේය.

අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනීමට මුදල් දෙන බව මහ බැංකුව ප්‍රකාශ කළ ද හැම විටම මුදල් නිකුත් කරන්නේ අවශ්‍යතාවයට අඩුවෙන් බව ආනයන කරුවෝ කියති. එබැවින් ඇතැම් ආනයන කරුවෝ  ආනයන කටයුතුවලින් මේ වන විට ඉවත් වී සිටිති.

එබැවින් අත්‍යවශ්‍ය අහර මෙන් ම සිමෙන්ති යකඩ වැනි ද්‍රව්‍යවල ද විශාල හිගයක් ඇතත්, මහ බැංකු අධිපතිවරයා කියන්නේ එබඳු හිගයක් පැවතිය නොහැකි බව යි.

කෙසේ වෙතත්, මේ වනවිට සිමෙන්ති කොට්ටයක් රුපියල් 2000 කට අලෙවි වන අතර කිරිපිටි සොයා ගැනීමට නැත. කිරිපිටි නිකුත් කරන ස්ථානවල දිගු පෝලිම් ඇති අතර නිකුත් කරන්නේ එක් අයෙකුට එක් පැකට්ටුවකි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *