පොහොට්ටුව මැතිවරණයකට සුදානම්, ප්‍රචාරක කටයුතු 9 දා අරඹනවා – මුදල් ඇමති බැසිල් රාජපක්ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයකට සුදානම් බවත්, තම පක්ෂයේ ප්‍රචාරක කටයුතු 9 දා අනුරාධපුරයෙන් ආරම්භ කරන බවත්, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

තවත් දිස්ත්‍රික් පහක රැස්වීම් සඳහා ද මේ වනවිට දින යොදාගෙන අවසන් බව ද ඒ මහතා පැවසීය.

ඒ මහතා වැඩි දුරටත් කීවේ තම නායකයා මහින්ද රාජපක්ෂ මහතා බව සහ හැම විටම මැතිවරණ පැවැත්වීම ඒ මහතාගේ ක්‍රමය බව යි. ඒ අනුව ඕනෑ ම මොහොතක මැතිවරණයකට යෑමට තමන් කැමැත්තෙන් සිටින බව ඒ මහතා  කී ය.

ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්

වෙමින් ඒ මහතා මේ අදහස් ප්‍රකාශ කළේය.

මේ අතර වැඩ ලක්ෂයක් නම් ව්‍යාපෘතිය ආණ්ඩුව අද ආරම්භ කළ අතර එමගින් සැම ග්‍රාම නිලධාරී කොට්ටාසයක ම ව්‍යාපෘති පහක් හෝ හයක් ක්‍රියාත්මක කරන බව ද ඇමතිවරයා  ප්‍රකාශ කළේය.

මෙය ද මැතිවරණයක් ඉලක්ක කරගත් වැඩ පිළිවෙළක් බව නිරීක්ෂකයන්ගේ අදහස වී තිබේ.

කෙසේ වෙතත්, පවත්වන්නේ කුමන මැතිවරණය ද යන්න ගැන බැසිල් රාජපක්ෂ ඇමතිවරයා හෝ ආණ්ඩුව හෝ මෙතෙක් කිසිවක් කියා නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *