ඊළඟ යල කන්නයත් කාබනිකව ම කරන්නැයි ජානාධිපති උපදෙස් දෙයි

එළඹෙන යල කන්නයට සියලු ම ගොවීන්ට කාබනික පොහොර ලබා දී සම්පුර්ණයෙන් කාබනික ගොවිතැන ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා සියලු නිලධාරීන්ට අද උපදෙස් දුන්නේ ය.

පොහොර සඳහා පිහිටුවා ඇති කාර්ය සාධක බලකාය අද රැස් වූ අවස්ථාවේ දී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දෙමින් ප්‍රකාශ කළේ මහා කන්නයේ සිදු වූ අඩුපාඩු සිදු නොවීමට වග බලාගත යුතු බව යි.

මේ සඳහා සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් කමිටු පිහිටුවන ලෙසත්, කාබනික පොහොර පිළිබඳව ගොවීන්ට දැනුම ලබා දීමට කටයුතු කරන ලෙසත් ජනාධිපති තුමා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *