මැති ඇමතිවරු වතුරට කෝටියක් පොලු තියලා – වාර්තාව කැබිනට් මණ්ඩලයට

මැති ඇමතිවරුන් සහ අමාත්‍යංශ විසින් නොගෙවන ලද ජල බිල්පත් වටිනාකම රුපියල් කොටිය ඉක්මවා ගොස් ඇති බව ජල සම්පාදන ඇමති වාසුදේව නානායක්කාර මහතා කියයි.

එලෙස ජල බිල්පත් නොගෙවා හිග තබා ඇති මැති ඇමතිවරුන් පිලිබඳ වාර්තාවක් ලබන සඳුදා (7 දා ) පැවැත්වෙන කැබිනට රැස්වීමට ඉදිරිපත් කරන බව ද ඇමතිවරයා නිවේදනයක් මගින් ප්‍රකාශ කොට තිබේ.

සාමාන්‍ය පාරිභෝගිකයින් ජල බිල්පත් හිග තැබුවා හොත් ජල සම්බන්ධතා විසන්ධි කරන නමුත් මැති ඇමතිවරුන්ගේ නිල නිවාස සහ පෞද්ගලික නිවාසවල ජල බිල්පත් වසර ගණනාවක් තිස්සේ හිග තබා ඇති බව කියති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *