ජනාධිපති දැනුම්දීම අනුව අරුන්දික ඇමති ධුරයෙන් ඉවත් වෙයි

 

ජනාධිපතිතුමා කළ දැනුම්දීමකට අනුව කටයුතු කරමින්, පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා තම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වී ඇති බව වාර්තා වෙයි.

අරුන්දික ප්‍රනාන්දු මහතා කියන්නේ රාගම වෛද්‍ය පීඨයේ සිදුනට පහර දීමේ සිදුවීම පිලිබදව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට අවස්ථාව සලසා දෙමින් එය අවසන් වන තෙක් තමන්  මෙසේ ධුරයෙන් ඉවත් වන බවයි.

ඇමති ධුරයෙන් ඉවත් වන්නැයි ජනාධිපතිවරයා විසින්ද අරුන්දික ප‍්‍රනාන්දු මහතාට දැනුම් දී තිබින.

අදාල සිදුවිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද ඒ මහතාගේ පුත‍්‍රයා මේ වන විට එළැඹෙන 06 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *