අයි එම් එෆ් එන්නේ මුදල් අමාත්‍යාංශයට තාක්ෂණික උපදෙස් දෙන්න පමණයි – මහ බැංකු අධිපති කබ්රාල්

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් පරිදි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කණ්ඩායමක් මෙරටට පැමිණෙන්නේ මුදල් අමාත්‍යංශයට තාක්ෂණික උපදෙස් දීම සඳහා පමණක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි.

මුදල් අමාත්‍යංශයේ අලුතින් පිහිටුවා ඇති ඒකකයකට තාක්ෂණික උපදෙස් දීමට පමණක් ඔවුන්ගේ කාර්යය සීමා වනු ඇති බව මහ බැංකු අධිපතිවරයා කියයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් උපදෙස් පතා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් කළ ඉල්ලීම ගැන අදහස් දක්වමින් ඒ මහතා මෙම ප්‍රකාශය කර තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *