රසායනික පෝර හංවඩු මිථ්‍යාව – මහාචාර්ය සමන් ධර්මකීර්ති

රසායනික පොහොර හා ආනයනය තහනම් කිරීමට 2021 වර්ෂයේ අප්‍රේල් මස 30 වැනි දින කැබිනට් මණ්ඩලය තීන්දු කළේය. කාබනික වගාව මුල් කොට ගත් කෘෂිකර්මාන්තයකට යෑමේ අරමුණින් ආණ්ඩුව එම තීන්දුව ගත්තේය. රටේ පැවති තත්ත්වය පිළිබඳ නිසි අධ්‍යයනයක් නොකර අදාළ ප්‍රතිපත්තිමය තීරණය ගත් බව මගේ අදහසයි. ඉකුත් කන්න දෙකේදී ගොවීන්ට හා පොදුවේ රටට මුහුණ පෑමට සිදු වූ ඛේදනීය තත්ත්වය ඊට සාක්ෂි සපයයි. 

මෙරටට කාබනික පොහොර කොපමණ ප්‍රමාණයක් අවශ්‍ය ද එයින් කොපමණ ප්‍රමාණයක් ලංකාවේ නිෂ්පාදනය කළ හැකි ද ඒවායෙන් ශාක පෝෂක ලබා දෙන්නේ කෙසේද සහ කාබනික වගාව ගැන ගොවි ජනතාව දැනුම්වත් කර තිබෙන්නේ ද යනාදී දේවල් ගැන සොයා බැලීමකින් තොරව හදිසියේ එම තීරණය ගත්තේය. එයින් මෙරට කෘෂිකර්මාන්තයේ ශාක පෝෂක කළමනාකරණය බරපතළ අර්බුදයකට ගියේය. වෙසෙසින්ම ඉකුත් කන්න දෙකෙහිම නයිට්‍රජන් ශාක පෝෂකය කළමනාකරණය කිරීමට වුවමනා කරන කාබනික හෝ රසායනික හෝ ශාක පෝෂක ලංකාවේ තිබුණේ නැත. එසේම වල් නාශක මර්දනයට අවශ්‍ය කෘෂි රසායනික හිඟයක් ද තිබිණි. එම තත්ත්ව දෙකෙහි බලපෑම නිසා කෘෂිකර්මාන්තය හා වැවිලි කර්මාන්තය මේ වෙන විට පෙර නොවූ විරූ අර්බුදයකට ගමන් කර තිබේ.

අනුරාධපුර හා පොලොන්නරුව දිස්ත්‍රික්කවල කෙරෙන වී වගාව සම්බන්ධයෙන් මම මේ දිනවල පර් යේෂණ කරමින් සිටිමි. පර් යේෂණ සඳහා ක්ෂේත්‍රයට යන විට කේඩෑරි වී ගිය ගොයම් වැඩි වශයෙන් දක්නට ලැබේ. ගොයම් ගස් කහ පාට වී ඇත. වල්වලින් ගහන වූ ගොයම් සැම තැන දැකිය හැකිය.

එසේම බොහෝ ගොයම් පැළවලට මැක්කන්ගෙන් හානි වී ඇති බවත් නිරීක්ෂණය වෙයි. මේ පසුබිමේ මෙවර මහ කන්නයේ අස්වැන්න විශාල ප්‍රමාණයකින් අඩු විය හැකිය. මහ කන්නය සඳහා සාමාන්‍යයෙන් හෙක්ටයාර ලක්ෂ අටකට ආසන්න භූමි ප්‍රමාණයක වී වගාව සිදු කෙරෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගණනයන්ට අනුව එම ප්‍රමාණයෙන් සියයට අනූවකට වැඩි වගා බිම් ප්‍රමාණයක වී වගා කර තිබේ. එහෙත් ප්‍රශ්නය තිබෙන්නේ එයින් නිසි අස්වැන්නක් ලබාගත හැකි ද යන කාරණයේය. ලංකාවේ වී වගාවක සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 4.3 ක් පමණ වෙයි. පවතින දේශගුණික තත්ත්වය හමුවේ මහ කන්නයෙන් නෙළන අස්වැන්න ඊට වඩා අඩු විය හැකි අතර යල කන්නයෙන් එම ප්‍රමාණය ඉක්මවන අස්වැන්නක් ලැබිය හැකිය.

වියළි කලාපයේ මෙවර මහ කන්නයේ අස්වැන්න සියයට 30 සිට 50 දක්වා අතර ප්‍රමාණයකින් අඩු විය හැකිය. වී ටොන් ලක්ෂ  7.5ත් ලක්ෂ 15ත් අතර ප්‍රමාණයකින් මහ කන්නයේ අස්වනු අඩු විය හැකිය. තෙත් කලාපයේ වී වගාව සිදු කෙරෙන භූමි වපසරිය අඩු අතර එයින් ලැබෙන අස්වැන්න ද සාමාන්‍යයෙන් අඩු අගයක පවතියි.

මේ පොහොර ප්‍රශ්නයේ බලපෑම වී වගාවට පමණක් සීමා නොවීය. වැවිලි වගාවට ද එයින් බලපෑම් එල්ල විය. එහෙත් වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් වැවිලි වගාවට අවශ්‍ය රසායනික පොහොර ස්වල්පයක් පසුගිය වසරේදී ආනයනය කෙරිණි. වල් නාශක නොමැති වීම තේ වගාවටත් වී වගාවටත් එක සේ බලපාන ප්‍රශ්නයකි. බඩඉරිඟු වගාව මෙරට ඉතාම සාරවත්ව සිදු කෙරිණි. එහි අස්වැන්න ද විශාල ප්‍රමාණයකින් අඩු වෙනු ඇත. සියලු භෝගවල ශාක පෝෂක කළමනාකරණය ඉකුත් මහ කන්නයේදී අර්බුදයක පැවතිණි.

ලෝකයේ කාබනික වගාව අළලා සිදු කරන ලද පර් යේෂණවලට අදාළ දත්ත පත්‍රිකා පසුගිය දසක කීපයේදී විද්‍යා සඟරාවල පළ විය. එම පර් යේෂණ පත්‍රිකා සියල්ල විශ්ලේෂණය කොට සකස් කරන පර් යේෂණ පත්‍රිකා “මෙටා දත්ත විශ්ලේෂණය (Meta-Data-Analysis)” යනුවෙන් විද්‍යා සාහිත්‍යයේදී හැඳින්වෙයි. අදාළ පර් යේෂණවලින් පෙන්වා දී ඇති ආකාරයට කාබනික කෘෂිකර්මයේදී අස්වැන්න සියයට 19ත් 24ත් අතර අගයකින් අඩු විය හැකිය.

කාබනික කෘෂිකර්මයේදී අස්වැන්න අඩු වන බව පොදුවේ පිළිගත් අදහසයි. කුඩා භූමි ප්‍රමාණයක ගොවිතැන් කරන ගොවීන්ට පිටතින් ගෙනෙන කාබනික පොහොර යොදා ගොවිතැන් කළ හැකිය. එහෙත් හෙක්ටයාර් මිලියන 1.8 ක් වෙන ලංකාවේ මුළු කෘෂි බිම් සඳහා එලෙස කාබනික ගොවිතැන එක්වර ආදේශ කළ නොහැකිය. සියයට සියයක් කාබනික කෘෂිකර්මය සිදු කෙරෙන ලොව කිසිදු රටක් නැත. එසේම අපට අවශ්‍ය කාබනික ද්‍රව්‍ය පූර්ණ වශයෙන් මෙරටදී නිපදවා ගැනීමේ හැකියාවක් ද නැත. එවැනි සන්දර්භයක අපට ඒවා ආනයනය කිරීමට සිදු වෙයි. ආනයනික කාබනික පොහොර භාවිතයට අප විරුද්ධය. එමගින් අප රටේ ජෛව විවිධත්වයට හානි විය හැකි නිසාය.

කුඩා භූමි ප්‍රමාණයක ගොවිතැන් කරන ගොවීන්ට පිටතින් ගෙනෙන කාබනික පොහොර යොදා ගොවිතැන් කළ හැකිය. එහෙත් හෙක්ටයාර් මිලියන 1.8 ක් වෙන ලංකාවේ මුළු කෘෂි බිම් සඳහා එලෙස කාබනික ගොවිතැන එක්වර ආදේශ කළ නොහැකිය. සියයට සියයක් කාබනික කෘෂිකර්මය සිදු කෙරෙන ලොව කිසිදු රටක් නැත. එසේම අපට අවශ්‍ය කාබනික ද්‍රව්‍ය පූර්ණ වශයෙන් මෙරටදී නිපදවා ගැනීමේ හැකියාවක් ද නැත. එවැනි සන්දර්භයක අපට ඒවා ආනයනය කිරීමට සිදු වෙයි. ආනයනික කාබනික පොහොර භාවිතයට අප විරුද්ධය. එමගින් අප රටේ ජෛව විවිධත්වයට හානි විය හැකි නිසාය.

රසායනික පොහොර භාවිතය සම්බන්ධයෙන් ද ඉකුත් කාලය පුරාම විවිධ ප්‍රචාර පළ වූ බව අපි දනිමු. වෙසෙසින්ම රසායනික පොහොර යෙදීම නිසා රජරට ප්‍රදේශයේ හඳුනා නොගත් වකුගඩු රෝගයක් ව්‍යාප්ත වී තිබෙන බව එම ප්‍රචාරවලින් කියැවිණි. පළමුව කිව යුත්තේ අදාළ ප්‍රස්තුතය සම්බන්ධයෙන් මා පර් යේෂණ කර නැති බවය. ජාතික පර් යේෂණ සභාවේ මුල්‍ය දායකත්වය ඇතිව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ මහාචාර්ය රෝහණ චන්ද්‍රජිත් මහතාගේ ප්‍රමුඛත්වයෙන් යුත් විද්‍යාඥ කණ්ඩායමක් ඒ ගැන කළ පර් යේෂණයක අවසන් වාර්තාව මේ වෙන විට එළිදක්වා ඇත.

එහි ඇතුළත් තොරතුරුවලට අනුව වකුගඩු රෝගයට බලපාන හේතු කාරක තුනකි. එකක් නම් ෆ්ලෝරයිඩ් නමැති ලවණය එම ප්‍රදේශයේ බහුලව තිබීමය. දෙවැන්න ජලයේ ඇති කිවුල් ගතියයි. තෙවැන්න නම් රජරට ප්‍රදේශයේ ජනතාවගේ ජල පරිභෝජන රටාවයි. මේ කාරණත්‍රවය පිළිබඳ යම් එකඟත්වයක් අදාළ පර් යේෂණ මගින් ගොඩනගා තිබේ. එසේම ලොව පිළිගත් විද්‍යාත්මක සඟරාවලද එහි ඇතුළත් දත්ත පළකොට ඇත. අප තවමත් මේ රෝගී තත්ත්වය හඳුන්වන්නේ හඳුනා නොගත් වකුගඩු රෝගය ලෙසය. එයට බලපා තිබෙන නිශ්චිත හේතුවක් දන්නේ නම් අදාළ නාමකරණය තවදුරටත් වලංගු වන්නේ නැත.

රසායනික පොහොර වෙසෙසින්ම මඩ පොහොරවල අන්තර්ගත බැර ලෝහ නිසා මේ වකුගඩු රෝගය හට ගන්නා බවට පවතින මතය ඉහත දී සඳහන් කළ පර් යේෂණය මගින් ප්‍රතික්ෂේප වී තිබේ. බැර ලෝහවල සම්බන්ධයක් තිබෙන්නේ ද යන්න මෙතෙක් නිශ්චිතව විද්‍යාත්මකව තහවුරු වී නැත. කැඩ්මියම් ආසනික් වැනි බැර ලෝහ ඉතා අඩු ප්‍රමාණයක් එම ප්‍රදේශවල භූගත ජලයෙහි හා වී අස්වනුවල අන්තර්ගත බවට ද යථෝක්ත පර් යේෂණයෙන් හෙළි කර ඇත.

රසායනික පොහොර වෙසෙසින්ම මඩ පොහොරවල අන්තර්ගත බැර ලෝහ නිසා මේ වකුගඩු රෝගය හට ගන්නා බවට පවතින මතය ඉහත දී සඳහන් කළ පර් යේෂණය මගින් ප්‍රතික්ෂේප වී තිබේ. බැර ලෝහවල සම්බන්ධයක් තිබෙන්නේ ද යන්න මෙතෙක් නිශ්චිතව විද්‍යාත්මකව තහවුරු වී නැත. කැඩ්මියම් ආසනික් වැනි බැර ලෝහ ඉතා අඩු ප්‍රමාණයක් එම ප්‍රදේශවල භූගත ජලයෙහි හා වී අස්වනුවල අන්තර්ගත බවට ද යථෝක්ත පර් යේෂණයෙන් හෙළි කර ඇත.

මෙරටට ගෙන්වන පොහොරවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ බලය තිබෙන්නේ ජාතික පොහොර ලේකම් කාර්යාලයටය. ආනයනික පොහොර ප්‍රමිතියෙන් තොර නම් ඒවා යළි හරවා යැවෙන අතර ඉතිහාසයේදී එසේ කළ අවස්ථා ද ඇත. එහෙත් පොහොර පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවුණහොත් බාල පොහොර රටට පැමිණිය හැකිය.

රසායනික පොහොර සම්බන්ධව ඇති කතිකාවෙන් ප්‍රකාශිත එක් අදහසක් නම් වසර 60කට වැඩි කාලයක් තිස්සේ එම පොහොර අපේ පොළොවට එක් කිරීම සිදු කරන බවත් අදාළ කාලය මුළුල්ලේම වස විස භූමියට එක් කරන ලද බවත්ය. එහෙත් ලංකාවේ පසෙහි අන්තර්ගත බැරලෝහ වැඩි වෙන ප්‍රමාණය තිබෙන්නේ ඉතාමත් සුළු අගයකය. හේතුව අප රසායනික පොහොර ඉතා අඩු ප්‍රමාණයක් ගොවිතැන සඳහා යොදන නිසාය.

එළැඹෙන යල කන්නය වෙනුවෙන් රසායනික පොහොර ලබා දීම සඳහා නිසි වැඩපිළිවෙළක් ඇති බවක් නොපෙනේ. පවතින අධික මිල ගණන් හේතුවෙන් කලින් රුපියල් 3500 ට අලෙවි වූ කිලෝ 50 පොහොර මිටියක් දැන් අලෙවි කිරීමට සිදු වෙන්නේ රුපියල් 12,500 ත් 15,000 ත් අතර ඉහළ මිලකටය.

මා ඇතුළුව කෘෂි විශේෂඥයන් රජයෙන් ඉල්ලා සිටියේ රසායනික පොහොර සඳහා සහනාධාර ලබා නොදෙන ලෙසය. පොහොර සහනාධාරයට මා විරුද්ධය. එහෙත් අර්බුද අවස්ථාවලදී අප මීට වඩා ඥානාන්විතව කටයුතු කළ යුතුය. රසායනික පොහොර නොමිලේ ලබා දීම වෙනුවට ඒ සඳහා ගොවීන්ගෙන් එක් පොහොර මිටියකට රුපියල් පන්දහසක මුදලක් හෝ අයකර ගත යුතු බව මගේ යෝජනාවයි. සෙසු මුදල සහනාධාර වශයෙන් රජය දැරිය යුතුය. එමගින් ශාකයට අවශ්‍ය පෝෂක කොටස් ගොවියාට ලබාගත හැකිය. එසේ කළහොත් ලබන යල කන්නයේදී අපේක්ෂා කරන මට්ටමින් අස්වැන්න ලබාගත හැකි වෙනු ඇත.

මා ඇතුළුව කෘෂි විශේෂඥයන් රජයෙන් ඉල්ලා සිටියේ රසායනික පොහොර සඳහා සහනාධාර ලබා නොදෙන ලෙසය. පොහොර සහනාධාරයට මා විරුද්ධය. එහෙත් අර්බුද අවස්ථාවලදී අප මීට වඩා ඥානාන්විතව කටයුතු කළ යුතුය. රසායනික පොහොර නොමිලේ ලබා දීම වෙනුවට ඒ සඳහා ගොවීන්ගෙන් එක් පොහොර මිටියකට රුපියල් පන්දහසක මුදලක් හෝ අයකර ගත යුතු බව මගේ යෝජනාවයි. සෙසු මුදල සහනාධාර වශයෙන් රජය දැරිය යුතුය. එමගින් ශාකයට අවශ්‍ය පෝෂක කොටස් ගොවියාට ලබාගත හැකිය. එසේ කළහොත් ලබන යල කන්නයේදී අපේක්ෂා කරන මට්ටමින් අස්වැන්න ලබාගත හැකි වෙනු ඇත.

එහෙත් මේ වෙන විට රසායනික පොහොර සඳහා සහනාධාරයක් නොදීම ප්‍රශ්නයකි. එවිට සිදු විය හැක්කේ ලංකාවේ ප්‍රමාණවත් තරම් රසායනික පොහොර තිබුණද තමන්ට හැකි පමණට ගොවීන් පොහොර මිල දී ගැනීමත් ශාකයට අවශ්‍ය ශාක පෝෂක ප්‍රමාණය නොලැබීමත්ය. එහි ප්‍රතිඵලයක් ලෙස යළිත් අස්වනුවල අඩු වීමක් අපේක්ෂා කළ හැකිය. එම අඩු වීම සියයට 20ත් 30ත් අතර ප්‍රමාණයකින් නිරූපණය වීමට ඉඩ තිබේ.

යූරියා පොහොර ස්වල්පයක් යෙදීමෙන් පසු ගොයම් කොළය කොළ පැහැ ගැන්වීමෙන් ඉහළ අස්වැන්නක් ලබාගත හැකි බවට ගොවීන් අතර වැරදි මතයක් ඇත. එහෙත් එය විද්‍යාත්මකව නිවැරදි අනුමානයක් නොවෙයි. ශාක විද්‍යාවේදී අපි එය “සැඟවුණු බඩගින්න” ලෙස හඳුන්වමු. එනම් ශාක, රෝග ලක්ෂණ නොපෙන්වමින් නිසි පෝෂක කොටස් නොලබා සිටින තත්ත්වයකි. එවැනි ශාක මගින් හොඳ අස්වැන්නක් බලාපොරොත්තු විය නොහැකිය. ශාක පෝෂක නිසි පරිදි වගාව සඳහා යෙදිය නොහැකි නම් මීළඟ යල කන්නයේදී ද අස්වනු හානියක් අපේක්ෂා කළ හැකිය.

ආහාර සුරක්ෂිතතාව යනු පුද්ගලයකුට තමන්ට අවශ්‍ය ආහාර නිසි ප්‍රමාණයෙන් හා ප්‍රමිතියෙන් යුතුව ඕනෑම අවස්ථාවක පහසු මිලට ලබා ගැනීමට ඇති හැකියාවයි. පොහොර අර්බුදය හේතුවෙන් ආහාර හිඟ වීම හා මිල ගණන් ඉහළ යෑම මේ වෙන විට දැකිය හැකිය. ආහාර සුරක්ෂිතතාව අර්බුදයකට ලක්ව ඇති බව එයින් ගම්‍ය වෙයි. වැරදි කෘෂිකර්ම ප්‍රතිපත්ති තවදුරටත් අනුගමනය කළහොත් ආහාර සුරක්ෂිතතාව මීට වඩා අර්බුදකාරී වීමට ඉඩ ඇත.

වස විසෙන් තොර ආහාර නිපදවීම සඳහා යැයි කියමින් රසායනික පොහොර භාවිතය තහනම් කරමින් ගත් ප්‍රතිපත්තිමය තීන්දුව නිසා ආහාර සුරක්ෂිතතාව බිඳ වැටිණි. ඛේදනීය කාරණය නම් අපේ ආහාරවල අන්තර්ගත ප්‍රමාණයටත් වඩා වස විස ඇතැයි සිතිය හැකි කාබනික නොවන ආහාර වර්ග පිටරටින් ගෙන්වීමය.

වස විසෙන් තොර ආහාර නිපදවීම සඳහා යැයි කියමින් රසායනික පොහොර භාවිතය තහනම් කරමින් ගත් ප්‍රතිපත්තිමය තීන්දුව නිසා ආහාර සුරක්ෂිතතාව බිඳ වැටිණි. ඛේදනීය කාරණය නම් අපේ ආහාරවල අන්තර්ගත ප්‍රමාණයටත් වඩා වස විස ඇතැයි සිතිය හැකි කාබනික නොවන ආහාර වර්ග පිටරටින් ගෙන්වීමය.

අපේ ආහාර සුරක්ෂිතතාව තවදුරටත් අර්බුදයකට ගමන් කළහොත් ආහාර ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් ගෙවීම දුෂ්කර වනු ඇත. රටේ පවතින විදේශ විනිමය හිඟය නිසාය. එවැනි සන්දර්භයක සිදු විය හැකි එක් දෙයක් නම් රබර්  – සහල් ගිවිසුම වැනි භාණ්ඩ හුවමාරු ගිවිසුම්වලට එළැඹීමට සිදු වීමය. සහල් ටොන් මිලියනයක් පරිත්‍යාගයක් වශයෙන් චීන රජයෙන් ලැබෙන බවට මාධ්‍ය වාර්තා කර තිබිණි. එය ලංකාවේ සහල් පරිභෝජනයෙන් විශාල ප්‍රමාණයකි. මෙරටේ නිපදවන රබර්, තේ වැනි දේවල් වෙනත් රටවලට ලබා දී එම රටවලින් සහල් හා සෙසු අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගැනීමට අපට සිදු වෙනු ඇත. එමගින් මතුවිය හැකි අහිතකර ප්‍රතිවිපාකයක් වන්නේ අප හුවමාරු කරන ද්‍රව්‍යවලින් ඩොලර් ඉපයීමට ඇති හැකියාව අහිමි වීමය. එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලර් හිඟය උත්සන්න වීමත් ආහාර සුරක්ෂිතතාව තවදුරටත් අර්බුදයට ගමන් කිරීමත් සිදු වෙයි.

වර්ෂ 2007-2008 කාලයේදී ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත තත්ත්වයේ පසු විය. අතිරික්ත සහල් තොග පවා අපට තිබිණි. පසුගිය මහ කන්නය වෙන විටත් එම තත්ත්වය දක්නට ලැබිණි. එසේ පැවති රටක් ආහාර සුරක්ෂිතතාව අතින් පහළටම ඇද දමා තිබේ. මේ තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් ආහාර සුරක්ෂිතතාවේ බිඳ වැටීම කවර තැනකින් නතර වේදැයි පුරෝකථනය කළ නොහැකිය.

වී ගොවිතැන ද ඇතුළුව සමස්ත කෘෂිකර්මාන්තයේ හටගෙන ඇති මේ අර්බුදය විසඳීමට නම් පළමුව අප නිවැරැදි දැක්මක් යටතේ කටයුතු කළ යුතුය. මගේ අදහස අනුව ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම පළමු කාර්යය විය යුතුය. එය ජාතියේ ආරක්ෂාව වෙන නිසාය.

නිසි වැඩපිළිවෙළකින් තොරව කාබනික කෘෂිකර්මය වෙත ජනතාව බලහත්කාරයෙන් යොමු කිරීම මගින් අපට ආහාර සුරක්ෂිතතාව සාක්ෂාත් කරගත නොහැකිය. එබැවින් අප ක්ෂණිකව කළ යුතු දේ නම් කාබනික උන්මාදයෙන් ඈත් වීමය.

නිසි වැඩපිළිවෙළකින් තොරව කාබනික කෘෂිකර්මය වෙත ජනතාව බලහත්කාරයෙන් යොමු කිරීම මගින් අපට ආහාර සුරක්ෂිතතාව සාක්ෂාත් කරගත නොහැකිය. එබැවින් අප ක්ෂණිකව කළ යුතු දේ නම් කාබනික උන්මාදයෙන් ඈත් වීමය.

දෙවැනුව කාබනික හා රසායනික පොහොර අතර ඒකාබද්ධ ශාක පෝෂක කළමනාකරණ ක්‍රමයක් වෙනුවෙන් ගොවි ජනතාව පෙළගැස්විය යුතුය. එනම් ගොවිතැන සඳහා රසායනික, කාබනික සහ ජෛව යන සියලු පොහොරවල සංකලනයක් භාවිත කළ යුතු බවය. එය මැදි කාලීන ක්‍රියාමාර්ගයකි. ආනයනය කරන රසායනික පොහොර ලබාගත හැකි පරිමාවේ සහනාධාරයක් ගොවි ජනතාව සඳහා හඳුන්වා දීම ද වැදගත්ය. කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ව්‍යවසායකයන් දිරි ගැන්වීම ද මේ අර්බුදය විසඳීම පිණිස අපට අනුගමනය කළ හැකි මධ්‍යකාලීන ක්‍රියාමාර්ගයකි. එසේ ලංකාවේ නිපදවන කාබනික පොහොර නියමිත ප්‍රමිතිකරණයකට ලක් කිරීම ද කළ යුතුය.

එසේම පිටරටින් කාබනික පොහොර ගෙන්වීම වහාම නතර කළ යුතුය. එම පොහොර යෙදීමෙන් මෙරට පසට වෙන හානිය අතිවිශාලය. එය ආපසු හැරවිය නොහැකිය. රසායනික පොහොර යෙදීමෙන් පස විනාශ වෙන බව මිථ්‍යා මතයකි. එය විද්‍යාත්මකව සනාථ වී නැත. වින්සන්ට් චර්චිල් හිටපු බ්‍රිතාන්‍ය අගමැතිවරයා වරෙක ප්‍රකාශ කළේ පස විනාශ කර ගන්නා ජාතිය තමාව ද විනාශ කර ගනී කියාය. බැර ලෝහ, ක්ෂුද්‍ර ප්ලාස්ටික්, ප්‍රතිජීවක, ලෙඩ රෝග ඇති කරන ජීවීන් ආදී පසට හානි කළ හැකි සංඝටක බොහෝ ප්‍රමාණයක් කාබනික පොහොරවල අන්තර්ගතය.

රසායනික පොහොර යෙදීමෙන් පස විනාශ වෙන බව මිථ්‍යා මතයකි. එය විද්‍යාත්මකව සනාථ වී නැත. වින්සන්ට් චර්චිල් හිටපු බ්‍රිතාන්‍ය අගමැතිවරයා වරෙක ප්‍රකාශ කළේ පස විනාශ කර ගන්නා ජාතිය තමාව ද විනාශ කර ගනී කියාය. බැර ලෝහ, ක්ෂුද්‍ර ප්ලාස්ටික්, ප්‍රතිජීවක, ලෙඩ රෝග ඇති කරන ජීවීන් ආදී පසට හානි කළ හැකි සංඝටක බොහෝ ප්‍රමාණයක් කාබනික පොහොරවල අන්තර්ගතය.

ලංකාවට ආවේණික නොවන ආනයනික කාබනික පොහොර අපේ පසට එකතු කිරීම ඉතාම භයානකය. මෙරටදී නාගරික අපද්‍රව්‍යවලින් නිපදවන කොම්පෝස්ට් හෝ කාබනික ද්‍රව්‍ය ගොවි බිම්වලට යෙදීම ද අහිතකරය.

මෙරට කෘෂිකර්මයට සම්බන්ධ ආයතන මගින් සිදු කරන පර් යේෂණ හරහා ගොඩනගන නව දැනුම ගොවි බිමට ගෙන නොයෑම ප්‍රබල ප්‍රශ්නයකි. 1990 දසකය වෙන තුරු අපට හොඳ කෘෂි ව්‍යාපෘති සේවයක් තිබිණි. කෘෂි උපදේශක සහකාර නිලධාරීහු හා කෘෂි ව්‍යාපෘති නිලධාරීහු විශාල පිරිසක් එවක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුබද්ධව රාජකාරි කළහ. 1989 දී එම නිලධාරීන් දෙකොට්ඨාසය ග්‍රාම නිලධාරීන්ගේ සේවාවට අනුයුක්ත කෙරිණි.

එයින් පසු කෘෂි ව්‍යාප්ති සේවය අඛණ්ඩව බිඳ වැටුණි. කෘෂිකර්මයට අදාළව සිදු කරන පර් යේෂණ මගින් සොයා ගන්නා දැනුම ගොවි බිම් වෙත ගෙන යෑම සඳහා මේ වෙන විටත් කාර්යක්ෂම කෘෂි ව්‍යාප්ති සේවාවක් මෙරට නොමැත. එහෙත් අපට නවීන තාක්ෂණය යොදා ගනිමින් ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කළ හැකිය. ඒ සඳහා රජය මැදිහත් විය යුතුය.

 

 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාංශු විද්‍යා දෙපාර්තමේන්තුවේ පාංශු සරු බව හා පෝෂක කළමනාකරණය පිළිබඳ

මහාචාර්ය සමන් ධර්මකීර්ති

 

සාකච්ඡා සටහන – උපුල් වික්‍රමසිංහ

ලංකාදීප

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *