වෛද්‍ය සිසුන්ට පහර දුන් සිදුවීමට රාජ්‍ය ඇමති අරුන්දිකගේ පුතා පොලිසියට බාරවෙයි

රාගම වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට පහරදීමේ සිදුවීමේ සැකකරුවකු ලෙස පොලීසිය සොයමින් සිටි රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුතා අද අලුයම රාගම පොලිසියට පැමිණ බාර වී ඇති බව වාර්තා වෙයි.

බාර වීමෙන් පසු අත් අඩංගුවට ගත් සැකකරු අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

පහරදීම සඳහා සැකකරු පැමිණි බව කියන සුඛපභෝගී මෝටර් රථය ද පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පස් දෙනෙකු මේ වනවිට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජෙෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *