නිදහස් දා රන්ජන් රාමනයකටත් නිදහස !

මෙවර නිදහස් දිනය දා නිදහස ලබන සිරකරුවන් අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ද වන බව දැනගන්නට ඇත.

ඒ මහතාට ජනාධිපති සමාව දෙන ලෙස බොහෝ පාර්ශව ඉල්ලා සිටි අතර මෙවර එම ඉල්ලීම ඵල දරා ඇති බව කියති.

රන්ජන් රාමනායක මහතා සිරගත වුයේ ඔහුගේ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස වූ බවට වූ චෝදනාවකට වරදකරු වීම නිසා ය.

වෙනත් අපරාධ හෝ දුෂණ චෝදනා කිසිවක් ඔහුට නොතිබිණි.

සිරගත වීම නිසා ඔහුට සිය මන්ත්‍රී ධුරය ද අහිමි වී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *