රාජ්‍ය ඇමති අරුන්දික තනතුරින් ඉවතට !

රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතාට තනතුරින් ඉවත්වන ලෙස ජනාධිපතිතුමා දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

රටින් පැන සිටි  එතනෝල් ජාවාරම්කරුවකු විශේෂ අමුත්තන්ගේ පර්යන්තය තුලින් රැගෙන ඒම සහ රාගම වෛද්‍ය විද්‍යාල සිසුන්ට පහර දීම යන චෝදනා ඒ මහතාට එරෙහිව එල්ල වී තිබේ.

රාගම පහරදීම පිලිබඳ පොලිස් පරීක්ෂනවල දී එයට අරුන්දික ඇමතිවරයාගේ ආධාරකරුවන් සම්බන්ද බවට තොරතුරු හෙළි වී ඇති බව ද වාර්තා වෙයි.

කෙසේ වෙතත්, අරුන්දික ප්‍රනාන්දු මහතා රාජ්‍ය ඇමති තනතුරින් ඉවත් කරන බව හෝ ඉවත් වන බව හෝ තවමත් නිල වශයෙන් තහවුරු කොට නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *