මුදල් ඇමති බැසිල් අයි එම් එෆ් ආධාර ඉල්ලයි

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ගතයුතු පියවර පිළිබඳව ආධාර සහ උපදෙස් ලබාදෙන ලෙස මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ලිඛිත ඉල්ලීමක් යොමු කර තිබේ.

එම සංවිධානයේ නියෝජිත පිරිසක් ළඟදී ම මෙරටට පැමිණෙනු ඇතැයි බැසිල් රාජපක්ෂ ඇමතිවරයා ප්‍රකාශ කොට ඇත.

වත්මන් අර්බුදයට විසඳුම් ලබා ගැනීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආධාර ලබාගන්නා  ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුළු දේශපාලඥයන් මෙන් ම බුද්ධිමතුන් සහ ව්‍යාපාරික ප්‍රජාව ද රජයෙන් ඉල්ලීම් කොට තිබිණි. කෙසේ වෙතත්, රජයේ ම පිරිසක් එය වලක්වන ලද්දේ තමන්ට විසඳුම් ඇති බව කියමිනි.

කෙසේ වෙතත්, මේ වනවිට මුදල් ඇමතිවරයා මුල්‍ය අරමුදලේ ආධාර ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *