දේශපාලන ව්‍යාපෘතිය බංකොළොත් වීමෙන් වියරු වැටුණු අය මඩ ගහනවා – ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්

අනතුරට භාජනය වූ වාහනය මාගේ දේශපාලන කටයුතු සඳහා පක්ෂය විසින් මට ලබාදුන් වාහනයක්. 2012 වර්ෂයේ සිට එය මා භාවිතා කරනවා. එම වාහනය ලංකා බැංකුවේ ණයක් මත මාගේ නමින් මිලදී ගත් වාහනයක්. එය රජයේ වාහනයක් නොවේ. ඒ වගේම මේ සිදුවූ රිය අනතුර සාමාන්‍ය මාර්ග අනතුරක්. එවැනි සිදුවීමකදී පොලිස් පරීක්ෂණ අවසන් නම් පොලිසියට ඇප ලබාදීමේ හැකියාවක් තිබෙනවා. එය දණ්ඩනීති සංග‍්‍රහයේ වාහන අනතුරු සම්බන්ධ කොටසේ පැහැදිලිව සඳහන් වෙනවා. ඒ අනුව තමයි මා හට පොලිස් ඇප ලබාදුන්නේ. මේ සිදුවීම මා විසින්මයි පොලිසියට දැනුම් දුන්නේ. ඒ අනුව නීත්‍යානුකූලව සිදුවීම පොලිස් පොතේ සටහන් කරලා සිදුවුණු පරීක්ෂණයක්. මා අත්අඩංගුවක් ගැනීමක් සිදුවුණේ නැහැ. මා ස්වේච්ඡුාවෙන් ඉදිරිපත් වී කරන ලද පරීක්ෂණයක්. මෙතන හංගන්න දෙයක් නැහැ.
මේ සිදුවීම වූ වෙලාවේ සිට අනාථ වෙච්ච, අසරණ වෙච්ච ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම උත්සාහ කළා මෙය පාදක කරගෙන පෞද්ගලිකව මටත් මා නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණටත් අවලාද නගන්න. මේක අනාථ වුණු අසරණවූ වියරු වැටුණු කණ්ඩායමක උත්සහයක් පමණයි. මේ සිදුවීම වූ මොහොතේ සිට විවිධ සමාජ ජාල වෙබ් අඩවි, ප‍්‍රවෘත්ති වෙබ් අඩවි හරහා මඩ අවලාද ගහලා අපහාස කළා. නඩු තීන්දුවත් එක්ක එම කණ්ඩායම ඉතාම අසරණභාවයට පත්වුණා. අධිකරණයෙන් වැරුද්ද මොකක්ද කියලා නිස්චිතව තීන්දු කළා. ඒ අසරණ වූ කණ්ඩායමේ දෙවන උත්සහය තමයි මා රජයේ වාහනයක් පදවාගෙන ගියා කියලා අවලාද ගහන එක.
පහුගිය කාලේ රජයේ වාහන භාවිතා කරපු, රජයේ දේපොළ තමන්ගේ පෞද්ගලික වුවමනාවන් වෙනුවෙන් යොදා ගත්ත මේ අසරණ කණ්ඩායම අද වියරු වැටිලා. දේශපාලන ව්‍යාපෘතිය බංකොළොත් වෙලා. බාල බංකොළොත් වැඩ කරනවා. නීතිය නොදැන කතා කරන්න එපා. නීතිඥයෙක් වුනාම ප‍්‍රායෝගික සරල අවබෝදය තිබිය යුතුයි. ටියුෂන් ගුරෙක්ට ඒ අවබෝදය නැහැ. ඒ නිසා නීති පොත කියවන්න. දණ්ඩ නීති සංග‍්‍රහය කියවන්න. මාර්ග රිය අනතුරු පිළිබඳව තිබෙන වගන්ති ඉගෙන ගන්න. එහෙම නැතිව මේ දේශපාලන අසාර්ථක මඩගැසීමේ ව්‍යාපෘතියේ හවුල් කරුවන් වෙන්න එපා. තමන්ට තිබෙන කුමන හෝ පිළිගැනීමක් නැති කරගන්න එපා.
මෙවැනි අවලාදවලින් අපේ ගමන නවත්වන්න බැහැ. අපේ ධෛර්ය බිඳදමන්න පුළුවන්කමක් නැහැ. ඒකට අපි ඉඩ තියන්නේ නැහැ. මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා මේ අනාථයින්ගේ, මහජන මුදල් කොල්ල කාපු දුෂිත කල්ලියේ බොරු ප‍්‍රචාර වලට රැුවටෙන්න එපා කියලා. සිහි බුද්ධියෙන් සිදුවෙන දේ ගැන විමර්ශනාත්මකව බලන්න කියලා ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලනවා.

මනෝජ්

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *