සහල් කිලෝවක මිල රුපියල් 170 න් ඉහළට ; ආණ්ඩුව සහතික කරයි

නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 170 ඉක්මවා යන ලෙස ආණ්ඩුව නව වී සහතික මිල ගණන් නිවේදනය කොට තිබේ.

වී අලෙවි මණ්ඩලය විසින් නිවේදනය කොට ඇති සහතික මිල අනුව නාඩු වී කිලෝවක් රුපියල් 92 කටත්, සම්බාසහල් කිලෝවක් රුපියල් 94 කටත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 97 කටත් මිල දී ගැනීමට නියමිත ය.

සහල් කිලෝවක් නිෂ්පාදනය සඳහා වී කිලෝ 1.6 ක් පමණ අවශ්‍ය වන අතර ඒ අනුව නඩු සහල් කිලෝවක් නිපදවීමට වී සඳහා වියදම රුපියල් 150 ක් පමණ වෙයි. අනෙකුත් වියදම් එක්  වූ විට සහල් කිලෝවක මිල රුපියල් 170 ක් ඉක්මවා යනු ඇත.

කෙසේ වෙතත්, ගොවීන් කියන්නේ රජයේ සහතික මිල ප්‍රමාණවත් නැති බව සහ කිලෝවක් රුපියල් 120 ට අඩුවෙන් වී නොදෙන බවත් ය.

වී මිල මෙසේ ඉහළ ගොස් ඇත්තේ රසායනික පොහොර තහනම නිසා අස්වනු විශාල ලෙස අඩු වී ඇති නිසා ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *