නොරච්චෝලේ යළි වැඩ ; විදුලිය නොකැපේ

නොරච්චෝලේ අක්‍රිය කර තිබු ජනක යන්ත්‍රය අලුත්වැඩියා කොට යළි පද්ධතියට එක්  කළ බව මහජන උපයෝගිතා කොමිසම කියයි.

ඒ අනුව විදුලිය කැපීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව කොමිසම ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත්, අක්‍රිය කොට තිබු ජනක යන්ත්‍රය සම්බන්ධ කළ වහා ම එහි උපරිම ධාරිතාවයෙන්  ක්‍රියාත්මක නොකරන අතර මුලින් මෙගාවොට් 100 – 160 අතර ධාරිතාවයකින් ක්‍රියාත්මක කොට පසුව මෙගා වොට් 270 ක උපරිම ධාරිතාවය ලබා ගැනීමට නියමිත ය.

නැවත දන්වන තුරු විදුලි කැපීමක් අවශ්‍ය නොවන බව මහජන උපයෝගිතා කොමිසන් සභාව කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *