උතුරු කොරියාවෙන් අවිගත් බවට ඇමති බැසිල් කීවා කී කතාව බොරුවක් ! – විදේශ ඇමති ජී එල් පීරිස්

යුද්ධයේ අවසන් කාලයේ කොළඹ කළු කඩයෙන් ඩොලර් ලබාගෙන උතුරු කොරියාවෙන් ආයුධ මිල දී ගත්  බවට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බවට පල වී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බව විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී එල් පීරිස් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.

තමන් බැසිල් ඇමතිවරයාගෙන් මේ ගැන විමසු බවත්, තමන් එවැනි කතාවක් නොකී බව බැසිල් ඇමතිවරයා කී බවත් ජී එල් පීරිස් ඇමතිවරයා කියයි.

එවැනි වැරදි ප්‍රවෘත්තියක් ඵල වුයේ නම් එය ප්‍රතික්ෂේප කළ යුත්තේ බැසිල් රාජපක්ෂ ඇමතිවරයා වුව ද ඒ මහතා මේ දක්වා එම පුවත ප්‍රතික්ෂේප කොට නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *