කොවිඩ් මරණ, ආසාදිත සංඛ්‍යා තවත් ඉහළට

කොවිඩ් අසාදිත මරණ මෙන් ම නව අසාදිතයින් යන සංඛ්‍යා දෙකෙහි ම කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් අද දිනයේ තවත් කොවිඩ් මරණ 32 ක් සහ නව ආසාදිතයින් 1137 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කොට තිබේ.

අද දිනයේ තහවුරු කළ මරණ 32 සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 15,473 ක් වශයෙනි.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වන විට 612,322 ක් වශයෙන් සටහන් වී තිබේ.

කොවිඩ්, ඩෙංගු සහ වෛරස් උණ රෝග ද මේ වනවිට පැතිර යමින් පවතින අතර රජයේ මෙන් ම පෞද්ගලික රෝහල් ද ආසාදිතයින්ගෙන් පිරී ඇති බව වාර්තා වෙයි.

මේ වනවිට කොළඹ අවට කිසිදු පෞද්ගලික රෝහලක ඇඳක් ලබා ගැනීමට නොහැකි වූ රෝගීන් නිවෙස්වල ප්‍රතිකාර ලබමින් සිටින බවට බොහෝ තොරතුරු ලැබෙමින් පවතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *